
(ආරියරත්න රණබාහු )
පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
පිට කෝට්ටේපිහිටි පිවිතුරු හෙළ උරුම පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ බව කී ගම්මන්පිල මහතාා එහිදී මෙසේද කීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳජනාධිපතිවරයා විසින්ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මා ඔහුට ලබා දී තිබූ කාලය හෙට උදෑසන දහයෙන් අවසන් වෙනවා.
ජනාධිපතිවරයා මේ වාර්තා ප්‍රසිද්ධ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලබා දී තිබෙන වගකීම ඉටු කිරීමට හැකියි ඒ මගින් ඔහුට එරෙහිව ඉදිරිපත්විය හැකි දෝෂාභියෝගයේ අවදානම මගහැර ගැනීමට පුළුවන්.
නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලංඝනය කරමින් හෙට උදෑසන දහය වන විට එම වාර්තා ලබාදීම පැහැර හැරියොත් මා ඒ වාර්තා ඉදිරිපත් කරනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගෙන මාව වසර 14ක් සිරගත කිරිමට තිබෙන අවදානම ගැන අප ගැඹුරින් අධ්‍යයනය කරනවා.ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන්අපේ අවදානම ගන්න සූදානම්.
පාකිස්තානයේ ඉමිරාන්ඛාන් සිරගත වී සිටිමින් ඒ අයි තාක්ෂණය ඔස්සේ කටයුතු කර ආකාරයට අපත් සිරගෙදර සිටියත් නවීන තාක්ෂණය භාවිතා කර මෙම වාර්තා එළි දැක්වීමට විධිවිධාන සලස්වා තිබෙනවා යැය් ඒමහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔට්ටුයි බෑ, මෙයා කරන්නෙත් බොරු රඟපෑමක්. පුළුවන් නම් ප්‍රසිද්ධ කරන්න...
පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලයට ආවේ දූෂිත පවුල් පාලනේ අය. තමුන් ඒ ආණ්ඩුවේ ඇමැති වරයෙක් වෙලා හිටියා. තමුන්ට අවශ්‍ය දූෂිතයින් රැකගැනීම බව පැහැදිලියි. අවසන් සිහිකැඳවීම කරන්න වෙන්නේ තමුන්ට...
මෙයා නම් අවුරුදු 14කට නෙවෙයි, 28 කට හරි ඇතුළට යවනවා නම් රටට සෙතක්...
ඔය වාර්තා අද ඊයේ නිකුත් කරපුවාද? ගෝටා, රනිල් ජනාධිපති කාලේ මේ යකා ලංකාවේ නෙවෙයිද හිටියේ..? මෙයාට සිහි විකල්වෙලා තියෙන්නේ අවස්ථාවාදී අය..
ගෙම්බන්ගේ අනවශ්‍ය පිම්බීම අවසානයට හේතුවක්. මේ කරන්නේ අනවශ්‍ය දේකට මිනිස්සුන්ගේ අවදානය අරගෙන මහමැතිවරණයේදී ඡන්ද ගන්න වැඩක්. කොහොම මොනව කළත් ගම්මන්පිල ඡන්දෙන් ඇපත් නැතිව පරාජයට පත්වීම ස්තිරයි. මේ මිනිහ කොන්දේසි විරහිතව රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය සුදු හුණු ගාපු මිනිහෙක්. මේ හදන්නේ ඉල්ලන් කෑමටයි...
ඉතින් ඇයි හෙට උදේ 10 වෙනකම් බලාගෙන ඉන්නේ? දැන්මම ඔය කියන වාර්තා ප්‍රසිද්ධ කරන්නකෝ. ඔබ හිතන්නේ ඔබ කවුරු කියලද? හෙට උදේ 10ට ඔය කියන ඉලව් වාර්තා ප්‍රසිද්ධ නොකලොත් ඔබට සිදුවන දේ ඔබ දන්නවද? ඔය කියන වාර්තා බාරගත්ත රනිල් කියන ඩබල් ගේම් කාරයා කොහොමත් හෙට අනිද්දාම කුඩුවට යනවා. ඡන්දෙකට ළඟටම ආපුවාම ඔය වාර්තා එළියට දාන්න මොකද කලබලේ? කොහොමත් හෙට ඔබ විසින්ම ඔබගේ ඉරණම විසඳාගනියි...
වගකීම රහිතව ඉන්න කොටයි, වගකීම් සහිතව ඉන්නකොටයි හැම කෙනෙක්ම වෙනස් වෙනවා. ගම්මන්පිල මහතාට වෙලා තියෙන්නේ. වගකීම් රහිත වීම. ඒ නිසයි මේ කොහේද යන සර්පයෙක්ගේ වලිගෙන් අල්වාගෙන මේ හැටි දඟළන්නේ...!
මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න මෙච්චර පැකිලෙන්නේ පාස්කු ප්‍රහාරයට ජේවීපියේ ලොකු සම්බන්ධයක් තියෙන නිසාද? නැත්නම් තමන්ට හිතවත් කණ්‌ඩායමක් ආරක්ෂා කරන්නද?
මේ වගේ උදවියගෙන් රටට වෙන හානිය ගණනය කරන්න කොමිසමක් පත් කරන්න....!
මෙයානම් ළඟදීම හොඳම එකෙන් කනවා. ඔන්න කිව්වා කියලා හිතාගන්න...!
තප්පුලන්නේ ඕවා ඉදිරිපත් කරන්නකෝ. කයිවාරුව විතරයි. පුළුවන් නම් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංග චෝදනාවත් ඉදිරිපත් කරන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්න. විමල්-ගම්බන්පිල ඉන්න පක්ෂය මෙදා පාර අතුගාලාම දානවා, ඡන්ද දායකයෝ...!
මේ මිනිහට ඕන ප්‍රසිද්ධිය. දැන් කට වරද්දාගෙන... රනිල් දෙපැත්තෙන්ම හිනාවෙනවා. ෂුවර් එකටම ඕක ප්‍රසිද්ධ කරපු ගමන් මෙයාට ජම්පරේ අඳින්න වෙනවා. ඇයි පහුගිය කාලේ මෙච්චර දැඟලුවේ නැත්තේ...
මෙච්චර කල් පොල් ගෑවද?
මානසික රෝහලකට යවන්න ඕනේ...
හෙට ඔය වාර්තාව එළියට දැම්මත්, රාජ්‍ය රහස් එළි කිරීමේ චෝදනාවට තමුන්ව අත්අඩංගුවට ගන්නේ නොවැම්බර් 14යින් පස්සේ, ඒ නිසා රනිල්ගේ ලණු කාලා ඉල්ලාගෙන කන්න හදන්න එපා....!
එල්ලෙන්න තැනක් නෑ.. කවුරුත් ගන් නෑ.. කිසි කෙනෙක් පිළිගන්නෙත් නෑ.. යන්න තියෙන්නේ හිරගේ ඇතුළට විතරයි.. ඒ නිසා උමතු රෝගයකින් පෙලෙනවා වෙන්න බැරිද?
නොවැම්බර් 24 න් පස්සේ ඔයා සිපිරිගෙයි තමයි ලගින්නේ... ඔයාගේ අවසාන කාලය...
ඡන්දෙ දිනන්න විදිහක් නැති නිසා අවදානේ ගන්න කරන වැඩක්. ඇත්තටම හිරේ යන්න වුනොත් තමයි තෙරේන්නේ කරගත්තු ගොන්කමේ බරපතලකම...!
මෙන්න මේ පිස්සව වාඩි කරවන්න.
මේ රිලවා තනියම නටනවාද, නැත්නං කවුරු හරි පනික්කියෙක් නටවනවාද?
මට අවධානය දෙන්නකෝ... නැත්නම් මන් කෑ ගහනවා..
ජනාධිපතිතුමා හොද සිහියෙන්, තමුන්ගෙ සිහිය කැදවාගත්තනං හොදයි.
අත්අඩංගුවට ගන්නේ රාජ්‍ය රහස් පනත යටතේ නෙවෙයි, හොර ඇටෝනි බලපත්‍ර හදල කරපු ඔස්ට්‍රේලියානු පුරවැසියකුගේ දේපල වංචාවට.
බැලූ බැල්මටම පේනවා කවුරු වුනත් මෙම ජායාරුපයේ ඉන්න පුද්ගලයා මන්ද බුද්ධිකයි කියලා...!
අර අයගේ ඩිස්ලයික් කුලී හමුදාව ටක්කෙට වැඩ වගේ
කාදිනල් ගුඩ්ඩා. මේ සේරම ඒගොල්ලෝ දන්නවා. එයත් රඟපෑමක් කරන්නේ.
නුවණක්කාරයා අඩිය තියන්න බය තැන මෝඩයා බඩපිනුම් ගහනවලු...!