
(රන්ජන් කටුගම්පොල)
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නැතැයි රහස් පොලිසිය අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ රහස් පොලීසිය තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවුරු ලැබූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා පැවසීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූහ.
එහිදී පෙත්සම්කාර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදේශ ගතව සිටින සිය සේවාදායකයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවත් එසේ පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොලේ දී ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම නැහැ තවම නැහැ, වරෙන් ලංකාවට ඊට පස්සේ තීරණය කරන්නම් උබව අත්අඩංගුවට ගන්නවා කියලා.
මාලිමා රජය මේ රටේ නීතියේ ආධිපත්‍යය අකුරටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අවස්ථාවක , එයට පහත් ලෙස විවේචනය කරමින් සිටින මේ මොන්ගල් ගම්මන්පිලට ඉහළම දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා රටේ සමස්ත ජනතාවම රජයට කියනවා.
රටට කිසි වැඩක් නැති, එක ප්‍රතිපත්තියක් නැති, මිනිස්සු අවුස්සලා තමන්ගේ බඩ වඩාගන්න මේකා අල්ලනකොට හීං තැනින්ම අල්ලන්න ඕනෑ.
වැරැද්දක් කරලා නැතිනම් මොනවටද බය වෙන්නේ... අල්ලන්න කළින් දකදිරි ගානවනේ...