
(සුරංග රාජනායක)
සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100 ගිය තරුණියක දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇතැයි ගම්පොල පොලිසය පවසයි.
ගම්වැසියන් හා ගම්පොල පොලිසිය ඇය සොයා ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය මහවැලි ගඟ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් අරඹා තිබේ.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නමැති තරුණියයි.
ඇය ගෙලිඔය නගරයේ ඖෂධ හලක සේවය කරන බව ඇගේ සොහොයුරා වන මොහොමඩ් ඉම්රාන් පවසයි.
නිවසේ සිට යන අයුරු ඇල්පිටිය පල්ලියේ ඇති සීසීටීවී කැමරාවල ඇගේ රුව අවසන් වරට සටහන් ඇති අතර ඉන් එහා තිබෙන එවැනි කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බව මෙම සොහොයුරා පවසයි.
ෆාතිමාගේ මව වන සිත්ති සාහිරා පවසන්නේ ඇය සේවය කරන ස්ථානයට යාම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ බවයි. බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ඇය ගිය බවත් ඈ තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බවත් මේ මව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලාලයො ටිකක් එයව පැහැරගෙන ගියාවත්ද ?
ස්ත්‍රීන්ට මහා අපල කාලයක්. රටේ පිරිහීම මීට වගකිව යුතුයි.
මෙහෙම ගියොත් ලංකාවෙ ගැහැනුන් වඳවෙලා යවෙ. ඩයිනසෝල වගෙ...
මේ හැමදේකටම වග කියන්න ඕනෑ රට පාලනය කරන අය. නීතිය බල්ලට ගිහින්... නීතියක් කියලා දෙයක් නෑ.. නීතියට බය නෑ කවුරුවත්ම... එක කොන්ද පණ තියෙන එක පාලකයෙක් ඇවිත් මරණ දඬුවම නියම කරා නම් හරි.. ඒත් ඉතින් ඔවුන් කරලා තියෙන වැඩ නිසා... ඉස්සර වෙලා ඔවුන්ව එල්ලා දමයි කියලා බයයි. අනේ මොනවා වුණත් ගැහැණු උදවියගේ ආරක්ෂාව නම් බිංදුවයි.