(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය සහ සුරංග රාජනායක)
ගම්පෙළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ දී පසුගිය 7 වැනි දා අතුරුදහන් වූ 22 හැවිරිදි ෆාතිමා මූනවුවරා නමැති තරුණිය ඝාතනය කොට ඇල්පිටිය ප්‍රදේශයේ පොල්වත්තක වලදමා ඇතැයි කියන ස්ථානය ගම්පොළ පොලිසිය විසින් අද සොයාගත්තාය.
සිය නිවසේ සිට සේවා ස්ථානයට පා ගමනින් ගමන් කරමින් සිටියදි නිවසේ සිට මීටර් 100ක දුරකදී එම තරුණිය අතුරුදහන් වූ බවට ගම්පොළ පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එළුවන් බලන තරුණයක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තරුණිය ඝාතනය කර ඇති බවට තොරතුරු හෙළි වූ බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණිය ඝාතනය කර වලදමා ඇති බවට කියන ස්ථානය අසන්නයේ ළඳුකාලෑවේ තිබී තරුණියගේ සෙරප්පුවක් හා වතුර බෝතලයක් කුඩයක කොටසක් සොයාගත් බව පොලිසිය කියයි.
ඇයට බලහතකාරකම් කිරීමට උත්සහ කළ අවස්ථාවේ ඇය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය කැලෑ බද ප්‍රදේශයකට ඇදගෙන ගොස් මරා වළ දැමූ බවට අත්අඩංගුවට ගත් එම තරුණයා පවසා ඇතැයි පොලිසිය කියයි.
ගම්පොළ ඔස්සලක සේවය කරන මෙම තරුණිය ඉකුත් 7 වැනි අතුරුදහන්වී තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගම්පොළ තරුණිය මරා දමලා?