
(සුරංග රාජනායක)
ගම්පොල ගල්ගෙඩියාව ප්‍රදේශයේ වගා බිමකට ඇතුළු වූ මැර පිරිසක් එහි තිබූ කෙසෙල් පඳුරු සියයක් පැපොල් මඤ්ඤොක්කා බඩඉරිඟු මිරිස් බෝංචි ඇතුළු ලක්ෂ 20ක පමණ සියලු වගාවන් කපා කොටා විනාශ කර ඇතැයි වගාබිම හිමි අශෝක රත්නායක නැමැති විශ්‍රාමික පොලිස් නිලධාරියා පවසයි.
මේ සම්බන්ධයෙන් ඔහු පොලිසියට ද පැමිණිලි කර තිබේ.
වසර 33ක පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ඇති මොහු මෙම වගාව වසර කිහිපයක සිට සිදුකරන අතර ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ,පුරන් කුඹුරු හා ඉඩම් වගා කිරීමේ වැඩසටහන යටතේ ගොව්ජන සේවා දෙපාර්තමේන්තුව මගින් නීත්‍යානුකූල ලියකියවිලි සහිතව මෙම ඉඩම වගා කිරීමට මොහුට බලය ලබාදී තිබේ.
ඉඩම ගම්පොල කිරින්ද අලුත් විහාරයට අයිති අතර එහි විහාරාධිපති කඳපොල මේධානන්ද හිමියන්ගේ නිත්‍යානුකූල කැමැත්තද ගොවිජන සංවර්ධන නිලධාරි වෙත ලබාදී තිබේ.
එසේ තිබියදී මෙම ඉඩමට යාබද ඉඩමක අයකු මෙම ඉඩම ඔහුගේ මල් වගාව සඳහා ඉල්ලා ඇත.
පොලිසිය පරීක්ෂණ පවත්වා එම බලපෑම් කරන පුද්ගලයාට මෙම ඉඩමට ඇතුළු වීම ද තහනම් කර තිබූ බවද රත්නායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනදේ වුණොත් මේ කරපු අපරාධයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
මේ වැඩේ කරපු කෙනාට කිසිම සමාවක් දෙන්න එපා මෙම ගොවි මහතා මොන තරම් වෙහෙසක් ගන්න ඇත්ද එවැනි ගොනා තෙක් දිරිමත් කිරීම මෙන්ම පුද්ගලයාටත් දඬුවම් දීමෙන් දඬුවම් නියම කරන නිලධාරීන්ගේ සේවය අගය කොට සලකමි
ස්වභාව ධර්මයට හානිකරන මේ වගේ පව්කාර මිනිස්සු ස්වභාව ධර්මය විසින්ම ලබාදෙන දරුණු විපත්තිවලට මුහුණ දෙනවා ඒකාන්තයි.. මොන හිතකින් මේ වගේ තිරිසන් වැඩක් කරන්න පුළුවන් වුණාද?