
(සුරංග රාජනායක)
ගම්පොල ගල්ගෙඩියාව ප්‍රදේශයේ වගා බිමකට ඇතුළු වූ මැර පිරිසක් එහි තිබූ කෙසෙල් පඳුරු සියයක් පැපොල් මඤ්ඤොක්කා බඩඉරිඟු මිරිස් බෝංචි ඇතුළු ලක්ෂ 20ක පමණ සියලු වගාවන් කපා කොටා විනාශ කර ඇතැයි වගාබිම හිමි අශෝක රත්නායක නැමැති විශ්‍රාමික පොලිස් නිලධාරියා පවසයි.
මේ සම්බන්ධයෙන් ඔහු පොලිසියට ද පැමිණිලි කර තිබේ.
වසර 33ක පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ඇති මොහු මෙම වගාව වසර කිහිපයක සිට සිදුකරන අතර ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ,පුරන් කුඹුරු හා ඉඩම් වගා කිරීමේ වැඩසටහන යටතේ ගොව්ජන සේවා දෙපාර්තමේන්තුව මගින් නීත්‍යානුකූල ලියකියවිලි සහිතව මෙම ඉඩම වගා කිරීමට මොහුට බලය ලබාදී තිබේ.
ඉඩම ගම්පොල කිරින්ද අලුත් විහාරයට අයිති අතර එහි විහාරාධිපති කඳපොල මේධානන්ද හිමියන්ගේ නිත්‍යානුකූල කැමැත්තද ගොවිජන සංවර්ධන නිලධාරි වෙත ලබාදී තිබේ.
එසේ තිබියදී මෙම ඉඩමට යාබද ඉඩමක අයකු මෙම ඉඩම ඔහුගේ මල් වගාව සඳහා ඉල්ලා ඇත.
පොලිසිය පරීක්ෂණ පවත්වා එම බලපෑම් කරන පුද්ගලයාට මෙම ඉඩමට ඇතුළු වීම ද තහනම් කර තිබූ බවද රත්නායක මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පොළ එළවළු කොටුවක් වනසලා
fairoos Sunday, 08 October 2023 05:04 PM
මොනදේ වුණොත් මේ කරපු අපරාධයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
D r a d Rathnayake Monday, 09 October 2023 09:16 AM
මේ වැඩේ කරපු කෙනාට කිසිම සමාවක් දෙන්න එපා මෙම ගොවි මහතා මොන තරම් වෙහෙසක් ගන්න ඇත්ද එවැනි ගොනා තෙක් දිරිමත් කිරීම මෙන්ම පුද්ගලයාටත් දඬුවම් දීමෙන් දඬුවම් නියම කරන නිලධාරීන්ගේ සේවය අගය කොට සලකමි
Dayananda Monday, 09 October 2023 03:21 PM
ස්වභාව ධර්මයට හානිකරන මේ වගේ පව්කාර මිනිස්සු ස්වභාව ධර්මය විසින්ම ලබාදෙන දරුණු විපත්තිවලට මුහුණ දෙනවා ඒකාන්තයි.. මොන හිතකින් මේ වගේ තිරිසන් වැඩක් කරන්න පුළුවන් වුණාද?