
(තිලකරත්න දිසානායක)
පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.
අද උදෑසන 5 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 5 ක් වශයෙන් සදහන්ව තිබූ බව වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා සදහන් කළ අතර පවතින තත්ත්වය මත පහත්බිම් අවට වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd