
(තිලකරත්න දිසානායක)
මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු 198 ක් ලබා ගැනීමට සමත්ව ඇත.
ගම්පහ , හංසගිරි පාර ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවා වන ශෙනුල් සිය ඉහළ සාමාර්ථය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කර සිටියේ , තමන් මෙම විභාගයෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලැබෙන බවට විශ්වාසයක් තිබූ බවය.
තම අනාගත බලාපොරොත්තුව ගණිත අංශයෙන් රැකියාවක නිරත වෙමින් රටට සේවයක් කිරීම බවත් දරුවා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කරන ලොකුම සේවය තමයි... මෙහෙන් ගිහින්... මේකෙ ඉන්න අයට ඒ රටට යන්න උදව් කරන එක... මේක ඔය පුතාට විතරක් නෙවෙයි... රටට ආදරය කරන හිම කෙනෙක්ටම කියන එකක්...
බුදු සරණයි පුතේ ඔයාටත්... රටටම කීර්තියක් ගෙන දෙන ඉහළටම අධ්‍යාපනය ලබාගෙන කීර්තිමත් පුරවැසියෙක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!
මෙම දරුවාට සුබ පතන ගමන් ඉටුකරගන්න වෙන අපේක්ෂාවක් තියෙනවා. අවුරුදු කීපයකට කලින් ඉංග්‍රීසි හින්දි කතා කරන දරුවකු රටේම අවධානයන ලක්වුණා. ඔහු මේ අවුරුද්දේ ශිෂ්‍යත්වය ලියන වයසේ. ගම්පහ පැත්තේ. අපි දැනගන්න කැමතියි ඔහු ගැනත්.
අසභ්‍ය වචන, ගඳ වැසිකිලි, ඇස්බැස්ටෝස් මඩු, ඉහින් කනින් දහදිය, ශාරීරික මානසික පීඩා, ගුරුවරු නැති කාල පරිච්ඡේද, 15 ක් යා යුතු පාසල් රථයේ 30ක් යන අපේ දරුවා මතක් වුණත් ඔබට හදවතින් සුබ පතනවා පුතේ...!
ජනප්‍රිය නොවන පාසලකින් අධ්‍යාපනය ලබා... හෙට අනිද්දා... අගනුවර තවත් ජනප්‍රිය පාසලක් තවත් ජනප්‍රිය කරන්න බීජයක් වපුරයි. පව්... අසරණ, දුප්පත් පාසල්... මුළු රටේම දක්ෂයින් එක පොකුරට ගෙනැල්ලා... රටේ නමගිය පාසල් තවත් ජනප්‍රිය කරන මේ අටමගල්විභාගය නවත්වන්න ඕනෑ.