IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහ මහ නගර සභාවෙි සියලු අංශ හදිසි විගණනයකට

(අංජුල මහික වීරරත්න)

ගම්පහ මහනගර සභාවේ සියලුම අංශ සම්බන්ධයෙන් විගණනයක් සිදුකොට සති දෙකක් ඇතුළත තමාට වාර්තාවක් දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ නාගරික කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.

 සේවාවන් ලබාගැනීමට නගර සභාවට එන ජනතාව අපහසුතාවට පත්වන බවට ජනතාවගෙන් මෙන්ම මහජන නියෝජිතයන්ගෙන්ද තමන්ට පැමිණිලි ලැබී තිබෙන බව අමාත්‍යවරයා කීය.

මීට ප්‍රධාන හේතුව නිලධාරීන්ගේ  දුර්වලතා බව කී අමාත්‍යවරයා එවැනි නිලධාරීන් ඉවත්කර වැඩකළ හැකි නිලධාරීන් සමඟ ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට තමන් සූදානම් බවද සදහන් කළේය.

ගම්පහ මහනගර සභාවේ පැන නැගී ඇති ගැටලු විසඳීම සදහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.



අදහස් (6)

ගම්පහ මහ නගර සභාවෙි සියලු අංශ හදිසි විගණනයකට

CK.Lankaputhra Thursday, 26 October 2023 11:27 AM

ඔය පැමිණිලි විභග කරන්න අන දෙන කෙනාට විරුද්දව තියෙන පැමිණිලි එකක්වත් විභාග නොවෙන්නේ ඇයි කියල ඔය ඇමති තුමා අපට කියනවද?

:       1       24

නිශාන්ත Thursday, 26 October 2023 11:29 AM

විගණනයෙන් පසු කප්පම් ගන්න වෙන්ඩෑ.

:       0       23

සමන් Thursday, 26 October 2023 12:29 PM

වැඩ බැරි කට්ටිය ඉවත්කරනවානම් මුලින්ම ඔයාල ඉවත් වෙන්න. ඔයාලත් දක්ෂ කප්පම් ගන්නයි, හොරකමටයිනෙ. විගනනය කරනව ඇත්තෙ ඒවැඩවලට සුදුසු ස්ථාන හදුනා ගන්න වෙන්නැති.

:       0       18

Perera Thursday, 26 October 2023 02:48 PM

මෙයාගේ මොලේ කළින් තිබුණේ බඩේ.. දැන් මොලේ පහළද කොහේද? 

:       0       8

duminda Thursday, 26 October 2023 04:07 PM

විගණනය කරන්න උපදෙස් දෙන්න මරු පොර...!

:       0       9

අරවින්ද මොනරවිල Thursday, 26 October 2023 07:32 PM

හොරකමට- මැරකමට, වංචාවට- දූෂණයට කප් ගැහුව එකා හොරකම, වංචාව, දූෂණය නවත්වන්න කතා කරනවා... ඒක හරියට ගණිකාවක් පතිවතේ අගය ගැන කතාකරනවා වගේ වැඩක්...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site