( තිලකරත්න දිසානායක)

ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල බින්දුවට බැස්වීමට හැකි වූ බව නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය සදහන් කළාය.

නගර සභාවේ හිටපු පුරපති එරංග සේනානායක මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය මත 2022 වසරේදී නගර සභාවෙහි ගොඩනැගිලිවල වහල මත සූර්ය පැනල සවිකිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් විදුලි බිලෙන් මේ වනවිට මෙලෙස නිදහස්වීමට හැකියාව ලැබී ඇති බව කොමසාරිස්වරිය " ලංකාදීප " ය හමුවේ අදහස් දක්වමින් පැවසුවාය.

විදුලි බිල වැඩිවීමට පෙරදී මාසික විදුලි බිල ලෙස නගරසභාවට රුපියල් ලක්ෂ හයක් පමණ ගෙවීමට සිදුව ඇති අතර සූර්ය පැනල නොවූයේ නම් එය මේ වනවිට තෙගුණයක් වීමට ඉඩ තිබිණි.