( තිලකරත්න දිසානායක)

ගම්පහ පෞද්ගලික බස් ධාවකයින් විසින් පවත්වාගෙන ගිය වර්ජනය , ගම්පහ පුරපති එරංග සේනානායක මහතා ඇතුලු අදාල අංශයන්හි නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව අවසන් කිරීමට තීරණය කොට ඇත. 

එම සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය අවසන් කොට අද (10) දහවල් සිට සුපුරුදු පරිදි බස් ධාවනය කරවීමට බස්රථ සේවකයින් එකගවූ බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතා පැවසීය. 

ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ යන මහත්වරුන් සහ රථවාහන අංශයේ නිලධාරීන්, බස්රථ ධාවකයින් ,මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ලංගම යන ආයතනයන්හි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් නගර සභාවේ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින්, ප්‍රධාන බස්රථ නැවතුමෙන් ගමන් ආරම්භ කරන බස් රථ තුනක් පමණක් පොදු රථගාල අසල නවතා මගීන් නංවා ගැනීමටත්, එම ස්ථානයේ බස්රථ හතරක් නවතා තිබුනහොත් ඉදිරියෙන් ඇති බස්රථය සම්බන්ධයෙන් පොලිස් රථවාහන අංශය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණයවූ  බවත් දිස්ත්‍රික් කළමනාකාරවරයා පැවසීය.