IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහ පෞද්ගලික බස් වර්ජනය අවසන්

( තිලකරත්න දිසානායක)

ගම්පහ පෞද්ගලික බස් ධාවකයින් විසින් පවත්වාගෙන ගිය වර්ජනය , ගම්පහ පුරපති එරංග සේනානායක මහතා ඇතුලු අදාල අංශයන්හි නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව අවසන් කිරීමට තීරණය කොට ඇත. 

එම සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය අවසන් කොට අද (10) දහවල් සිට සුපුරුදු පරිදි බස් ධාවනය කරවීමට බස්රථ සේවකයින් එකගවූ බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතා පැවසීය. 

ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ යන මහත්වරුන් සහ රථවාහන අංශයේ නිලධාරීන්, බස්රථ ධාවකයින් ,මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ලංගම යන ආයතනයන්හි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් නගර සභාවේ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින්, ප්‍රධාන බස්රථ නැවතුමෙන් ගමන් ආරම්භ කරන බස් රථ තුනක් පමණක් පොදු රථගාල අසල නවතා මගීන් නංවා ගැනීමටත්, එම ස්ථානයේ බස්රථ හතරක් නවතා තිබුනහොත් ඉදිරියෙන් ඇති බස්රථය සම්බන්ධයෙන් පොලිස් රථවාහන අංශය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණයවූ  බවත් දිස්ත්‍රික් කළමනාකාරවරයා පැවසීය. 



අදහස් (0)

ගම්පහ පෞද්ගලික බස් වර්ජනය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site