(තිලකරත්න දිසානායක.)
වැඩි මිලට බිත්තර අලෙවි කරනු ලබන වෙළඳසල් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය අදත් පියවර ගනු ලැබූ බව ඒකක ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය.
මේ අනුව අද දිනයේ ගම්පහ, අස්ගිරිය, උඩුගම්පොල, සීදූව සහ මීගමුව යන ප්‍රදේශයන්හි සිදු කළ වැටලීම්වලදී පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් හය දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම් සිදු කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් කඩ හිමියෝ තමයි මීට අහුවෙන්නෙ. වැඩි මිලට බිත්තර නිශ්පාදකයන්ගෙන් මිලට ගත්. ටිකක් හිතන්න.
ඔය එක්කම ගම්පහ මිරිස්වත්ත පැත්තටත් එනවද?
කඩවත රාගම පාරේ නැලිගම හංදියේ ෆාම්ෂොප් එක දිහා බලාගෙන යන්න.