(ඉන්දිකා රාමනායක)
විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පසුගියදා මෙරටට පැමිණ සිටි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත.
විදේශ ගමන් බලපත්රත දෙකකින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයා ඊයේ (22) ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැදවන ලෙස අමාත්ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට ලබා දී තිබු උපදෙස් අනුව ඔහු කැදවා ප්‍රකාශයක් ලබාගත් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අවශ්ය. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ඇවිත් ඕනෑ දේවල් ටික ඔක්කොම කරගත්තාට පස්සේ රටින් පන්නනවා..හැබැයි කවදාවත් රටින් පැන්න වටිනා එකෙක්ව රට ඇතුළට ගන්න කියලා කෝල් දීපු ඇමැතිලාව අල්ලන්නේ නෑ. කාවද මේ රවට්ටන්නේ...?
කවුද මහත්තයෝ මේ චීන ජාතිකයා ගුවන්තොටුපලේ පොලීසියෙන් එළියට අරන් රට ඇතුළට ගත්තේ..? ඒ අයගේ නමක්, ගමක් කියන්න පුළුවන්ද?
මොහු කරන්න ආපු ඔක්කොම හොර වැඩ ටික එළිවෙන හින්දා එහෙම වුණොත් ගොඩක් දෙනෙක් අහුවෙන හින්දා වහාම පිටකරන්න...
එතකොට මෙයාට කිසිම දඬුවමක් නැහැ.
චීන්නු ලංකාවට සම්භාධක පනවන්න පුලුවන් .අලි සබ්රිට වගේ චිනාට රටට එන්න පහසුකම් සැකසීම වෙනුවෙන් සම්බන්ධ වුන ඇමතිට දඩුවමක් නැද්ද එහෙම නැත්නම් ආගමන විගමන පාලකට දඩුවමක් දෙනවාද ඇත්තටම මෙහිදී ආගමන විගමන පාලකගේ රාජකාරියට බාධා කල දේශපාලුවට දඩුවමක් දෙනවා නම් රටට සෙතක් වෙනවා එයින්ම දේශපාලුවන්ගේ විනයත් හැදෙන්න පුළුවන්
ගමන් බලපත් දෙකක් අරන් හොරට ආපු චීනට එක නීතියක් ,බලපත් දෙකක් අරන් හොරට ආපු ඩයනට තව නීතියක්
චීන ජාතිකයා ඩයනාව ආදර්ශයට ගත්තා වත්ද?