IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ගාමිණි ජයවික්‍රම අද එන්න බෑ කියයි

( තිළිණි ද සිල්වා )

රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ අද (13) දින පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා එම කොමිසම වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

මහපොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සාක්කි  ලබාගැනීම සදහා අද දිනයේ කොමිසම හමුවට පැමිණෙන්නැයි අමාත්‍යවරයාට නියෝග කර තිබිණි.

කෙසේ වෙතත් තමන්ට  අද දිනයේ පෙනී සිටීමේ හැකියාවක් නොමැති බැවින් ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ගාමිණි ජයවික‍්‍රම පෙරේරා අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බවත් , ඒ අනුව වෙනත් දිනයක් එම අමාත්‍යවරයාට ලබා දීමට කොමිසම කටයුතු කරනු ඇතැයි ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.



අදහස් (4)

ගාමිණි ජයවික්‍රම අද එන්න බෑ කියයි

kolam boss Tuesday, 13 August 2019 09:10 AM

අවුරුදු 5ක් තිස්සේ 2020 ජනපතිවරණයක් එන බව දැනගෙන ඉඳලත් තම මෙහෙමනම් මෙයාලගේ රට පාලනය කරන ඉදිරි සැලසුම් මොනවද කියලත් හිතාගන්න පුළුවන්. මෙච්චර කල් කරලා තියෙන්නේ එදා වේල හොයාගෙන ජනතාවට කන්න දීපු එක තමයි. අර කුලීවැඩ කාරයෙක් උදේට නැගිටලා වැඩක් හොයන් පාර දිගේ යනවා වගේ. කිසිම ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ.

:       0       159

chandima Tuesday, 13 August 2019 09:20 PM

යන්න නම් එපා, යාපනේ පුස්තකාල ගිනි තියපුවා, කණාටු පොල් ඉඩම් හුවමාරු කරගත්තු එව්වා ගැනත් අහනවලු...

:       0       120

Ramani Wednesday, 14 August 2019 01:18 PM

බාලගිරි අද නෙවෙයි හෙට කිව්වා වගේ ගාමිනිත් අද නෙවෙයි හෙට කියමුකෝ

:       0       16

lal Friday, 16 August 2019 02:13 AM

බෑ බෑ මට එන්න බෑ...නෑ නෑ මම යන්නෙ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2148 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site