IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගැබිනි කතුන්ගේ ත්‍රිපොෂා පැකට්ටුවත් නැති කරලා

(නිමල කොඩිතුවක්කු)

කාන්තාවන්ගේ කොන්ද බිඳ දමා විනාශ කළ පාලනයක් තුළ කාන්තා දිනය සැමරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය කොළඹදී පැවසුවාය.

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පැමිණි ආණ්ඩුව ගැබිනි මාතාවගේ ත්‍රිපෝෂ එකේ සිට සියල්ල අහිමි කර ඇතැයිද මන්ත්‍රීවරිය සඳහන් කළාය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තලතා අතුකෝරල මහත්මිය මෙසේද කීවාය.

"කාන්තා දිනය සමරන අවස්ථාවේ මේ රටේ කාන්තාවන්ට ජීවත්වීමේ අයිතිය, භාෂණයේ නිදහස, නැති කරලා. ව්‍යවස්ථාව තුළින් ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීමට දීලා තියෙන අයිතීන් සියල්ල නැති කරලා. අද ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව ගෙනියන මහා ඒකාධිපති පාලනයට එරෙහිව තමයි කාන්තාවන් හැටියට අපිට පෙළ ගැහෙන්න සිදුවෙලා තියෙන්නේ.

ආර්ථිකය ගැන කතා කළත් ගෙදර බුදුන් අම්මා කියලා කතා කරත් කාන්තාවට තිබුණු හයිය අද කොන්ද කඩලා විනාශ කරලා. දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ඉන්න ගැබිනි මාතාවගේ ත්‍රීපෝෂ එකේ ඉදලා අවසානයේ තියෙන සියලු දේවල් රටේ ආරක්ෂාව තහවුරු කරන්නේ කියලා ආපු මේ ආණ්ඩුව නැති කරලා. කාන්තාවන්ගේ ඉඳලා ගැබිනි කාන්තාව දක්වා සියල්ලම අයිති නැති කරලා. 

අපේ හිටපු සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියට පසුගිය දවසක සිදුකළ මැරබලය චන්ඩි බලය ඒ මහා නින්දිත අපහාස කිරීම තුළ කාන්තාවන් හැටියට අපි ඉතාම කනගාටු වෙනවා.

මේ වගේ පීඩා වලට කාන්තාවක් ලක්වෙච්ච යුගයක් මීට කලින් ඇවිත් නැහැ. කිසිම දවසක දරුවෙකුට කිරි පිටි ටික නැති වුණේ නැහැ. ගැබිනි මව්වරුන්ට ත්‍රිපෝෂ නැති වුණේ නැහැ. ඒ වගේම අඩුම තරමේ ගෑස්, තෙල් පෝලිම් මීට පෙර තිබුණේ නැහැ. 

නීතිය හදන්න ආරක්ෂාව හදන්න ආපු ජනාධිපතිවරයා යටතේ අදහසක් ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැහැ. ඒ තත්ත්වයම තමයි අද පාර්ලිමේන්තුව ඇතිවෙලා තියෙන්නේ. සභාගර්භය පාලනය කිරීමක් නැහැ එවැනි චන්ඩි පිරිසට තනතුරු ලබා දීලා ඒ අය හරහා අපි ප්‍රජාතන්ත්‍රවාදීව නගන හඬ යටපත් කරන්න ක්‍රියාත්මක වෙනවා.

 



අදහස් (6)

ගැබිනි කතුන්ගේ ත්‍රිපොෂා පැකට්ටුවත් නැති කරලා

Bamunuarachchi Saturday, 12 March 2022 03:49 PM

අපි ඉපදෙන කාලේ අපේ අම්මලාට ත්‍රිපෝෂ ලැබුණේ නැහැ. ඔබේ අම්මාට ත්‍රිපෝෂ ලැබුණාද?

:       9       0

wajira Saturday, 07 May 2022 07:41 PM

තමතමන්ගේ බලය පැවැති කාලවල, රටේ කර්මාන්තයක් ඇති කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ...

:       0       0

ඉන්දු නිරෝෂා Monday, 20 June 2022 01:47 PM

ත්‍රිපෝෂ විතරක් නෙවේ. රු.2000ක මාසික වවුචර් දීමනාවත් නෑ. අඩුම ගානෙ දුප්පත්ම අය බලලවත් මේ කාලෙ එම වවුචර් ලබාදෙනවනම් හරි වටිනව.

:       0       0

KAHAWITA Monday, 01 August 2022 01:43 PM

දැන්නම් මෙයාට පුදුම දුකක් අම්මලා ගැන තියෙන්නේ... මතකයි විදේශ රැකියා ඇමැති වෙලා ඉන්න කාලේ ඒජන්සි කාරයින් එක්ක එකතුවෙලා රට යවන වයස අවුරුදු 25 ඉඳලා 18 ට අඩු කරලා අපේ අහිංසක ගම්බද කෙල්ලෝ මැදපෙරදිග වහල් සේවයට යවන්න මොනතරම් වලි කෑවද කියලා... යන්තන් හිටපු ජනාධිපති මෛත්‍රීපාලට පින් සිද්ද වෙන්න එයාට ඉඩ දුන්නනේ...!

:       0       1

Indika Friday, 19 August 2022 11:50 PM

ළමයි නැති ගෑනු කෙනෙක් හින්දා වෙන්න ඇති මෙහෙම කරන්නේ අනික් අම්මලාට

:       0       0

Lelwala Monday, 26 September 2022 07:40 PM

ගැබිනි මාතාවන්ට කිසිම දෙයක් නොලැබේ.. පළාත් පාලන කාරියාලවලින් රුපියල්... 20000, පෝෂණ මල්ල, ත්‍රිපෝෂ කිසිම දෙයක් නොලැබේ. ජනමාධ්‍ය මේ ගැන නිහඬයි. ෆෝම් බාරදීලා යන්න කියනවා. ලැබෙන දවසක් නොමැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31298 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13494 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 106 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site