(නිමල කොඩිතුවක්කු)
භීෂණයේ පීතෘවරු ලෙස කටයුතු කළ ගෝනිබිල්ලන් රට හදන්න ඉල්ලීම තරම් විහිළුවක් තවත් නොමැතිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රට ගොඩනගන බවට පාරම්බාන මෙම පිරිස වරායවල්, බැංකු, ව්‍යාපාරික ස්ථාන එක සුළු නියෝගයකින් වසා දමා ලයිට් දැමීම පවා තහනම් කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
88, 89 කාලේ සිටි ගෝනි බිල්ලන් රට ගොඩගැනීමට විසඳුම් දෙනවැයි කියා කයිවාරු ගැසුවත් රට විනාශ කළ සුනාමි අරමුදල් චෝදනා තිබූ රාජපක්ෂලාට බලය ලබා දීමට 2005 කටයුතු කළේ ඔවුන් බවත් කැස්බෑවේ ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ පුතානෝ හොඳ කතාවක් කරා .හැබැයි 2005 මහින්ද දිනවන්න එල්.ටී.ටී චන්දවර්ජනය වගේ 1988 පියානෝ බලයට ගෙන්න මේ භීෂණයේ පියවරුන්ගේ .භීෂණය බලපෑවා
ගෝනිබිල්ලෝ ඔලුව වැනුවේ වධකයා වුන තාත්තට තවත් බිල්ලක් දෙන්න කියලා අමතක වුනාද පුතානෝ….?
තමන්ගේ කණ්ඩායම කිසිම වරදක් කරනැති සර්ව සම්පුර්ණ කණ්ඩායමක්ද?
සියල්ල දත් මේ වෙන්න ජනාධිපති තුමාට එයාගේ ආදරණීය පියාණන් ගැන මතක් කර දෙන්න.
සීගිරිය හා සිරිපා වන්දනාවේ යාමට දෙපා පණනැතිව ගෝනි බිල්ලන්ගේ කාර්‍යාලයේ පමණක් වැඩකල දැනට වෙනත් නන්නත්තාර පෙරමුණක් අටවාගත් කෙනෙක් අද කියනවා ඇහුන 13 ට ජෙප්පො දැන් කැමති නම් 13 සම්මත කල කාලයේ ඔවුන් 13ට එකල පක්ෂව සිටි අය මරාදැමීම් ගැන දැන් මොනවාද කියන්නෙ කියලා.ඒ කතාව කියන මිනිහටත් අමතක වුනා ඔහුත් ඒ කාලයේ ඒවාට සම්බන්ධ වුනා කියලා ඇත්තටම ජෙප්පො 13 ක්‍රියාත්මක කරන්න කැමති නම් 88/89 කාලයේ ඔඔවුන් සිදුකල මිනීමැරුම් සම්බන්ධයෙන් ඔවුන් පුද්ගලිකව වන්දි ගෙවීමට කටයුතු කරන්න ඕන
ඒ ගොල්ලොන්ගෙ භීෂණයයි ඔයාගෙ තාත්තගෙ භීෂණයයි දෙකම අපට මතකයි.
ගෝනි බිල්ලන්ව හැදුවේ ආර්. ප්‍රේමදාස කියන කොටින්ට ආයුධ දුන්න, කොටින්ට අහුවුන පොලිසියේ 600 කට" සටන් කරන්න එපා ,කොටින්ට යටවෙන්න " කියා නියෝග දුන්න මෝඩ ජනාධිපති බව අමතකද ? ඒ ජිවිත වලට ඔබද දැන් වගකියන්නේ ? නිකම් වාචාල විදිහට කෑගහන්න ඔබ ඉගෙන ගත්තේ ඔබගේ පියාගෙන් බව අපි දන්නවා. පරාජය දැක දැක ඔබ හොරෙන් හොරෙන් රජයට කියනවාලු නේද ' චන්දෙ කල් දාන්න ' කියලා ? ඇයි පැරදිලා යාලට ගිහින් ඉන්නත් බයයිද ?
සුනාමි හොරා නිසා තමයි ඔබ හිරේ නොගොසින් බේරිලා ඉන්නේ. හොර සල්ලි අච්චු ගහපු කේස් එකට. සුනාමියා වගේම ඔබත් පට්ට හොරෙක් ...හු ..හු
පුතානෝ තමන්ගේ පියානෝත් ඒ කාලේ නිකන් හිටියේ නෑ නේද ?
සජිත් වගේ නොවේ, අනුර දිසානායක කියන්නේ ආර්ථික විශේශඥයෙක් .කඩාවැටුණු ආර්ථිකය ගොඩනගන්න අනුරට හැකියාව තිබෙන බව ඇත්ත .ඔබගේ ආර්ථික 3දෙනාගේ කමිටුවට සතුව කරුණු 10 ඉදිරිපත් කර තිබෙනවා .හැර වෙන යමක් නැත. හිතාගන්න බැරි වැඩසටහනක් අනුර ඉදිරිපත් කරාවි
කවුද ගෝනි බිල්ලා................................. ආර්. ....................................... නේ ද?
ගෝනි බිල්ලෝ හිටියේ උඹලගේ තාත්තගේ ආණ්ඩුවෙනේ බූරු පුතේ
මේ මිනිහා මෝඩයෙක්, මිනිස්සුන්ව රවට්ටන්න උපරිම උත්සාහයක් ගන්නවා, බෝම්බයක් පිපිරලා මැරෙනකොට මිනිස්සු රතිඤ්ඤා පත්තු කරපු බව එයාගේ තාත්තට අමතක වෙනවා.
තාත්තා නේද රන් පදක්කම දිනාගෙන හිටියේ ගොනිබිල්ලෝ සෙල්ලමේ? ඔයා ඒක අනිත් අයට දෙන්න එපා, තාත්ත වලෙන් නැගිටලා එයි
කිසිම නඩු විභාගයක් නැතුව හැට දාහක් ඝාතනය කල ත්‍රස්තවාදීන්ට ආයුධ මුදල් වාහන බංකර් හදන්න සිමෙන්ත දුන්න දූෂිත පියෙකුගේ නිධන් මංකොල්ල කෑව මෝඩ පුත්‍රයෙක්ට රට හදන්න පුළුවන් කියලා සජිත් මහත්තයට හිතෙනවද දන්නේ නැහැ.
ඡන්ද සටනේ ප්‍රධාන අශ්වයන් දෙදෙනා වන්නේ ඔබතුමා සහ අනුර කුමාර දිසානායක මහතා බව නොරහසක් .. අනිත් පෝනියන් බූරුවන් හට ජයටැඹ වෙතට එන්නට කිසිසේත්ම බැහැ.එසේ හෙයින් ඔබතුමා සහ අනුර කුමාර මහතා තම තමන්ට මඩගසා ගැනීමෙන් වළකින්න.මෙසේ දිගටම දෙපාර්ශවය එකිනෙකා වෙත මඩ ගහගතහොත්, ඒ දේ බලා සිටින ඡන්ද දායකයන් දෙපාර්ශ්වයම අතැහැර පොහොට්ටුව වෙත ඇදෙනු ඇත.එබැවින්, දෙපාර්ශවය විසින් පොදු සතුරා වන පොහොට්ටුව වෙත ඡන්ද ලබා ගැනීමට කටයුතු කිරීම නතර කළ යුතුය.
ගෝනි බිල්ලන් දමලා මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කලේ රාජ්‍ය ත්‍රස්ත වාදයයි. අද ඔයගොල්ලන්ට ඡන්දයේදී අභියෝගය වෙලා තියෙන්නේ ජාජබ නිසා සෙට් එකම දිගට හරහට පහර දෙනවා...
ඒකනම් ඇත්ත .නමුත් රට ගොඩගැනීමට ඔබතුමාටත් සැලසුමක්, සුදුසු කමක් නෑ. නිකන් අඬගහල දෙන්න හදපු අවස්ථා දෙකක් මගහැරියා.. (මයිත්‍රී, ගෝටාභය ) ඒ වෙලාවේ මගහැරියේ පවුරුෂයක් නැතිනිසානේ. අභියෝග වලට මුහුණ දෙන්න ඇති නොහැකියාවයි ඒ පෙන්නුවේ. දැන් වැලලෙන්න හදන්න එපා. ඔබතුමාට බැ.
පැහැදිලි දැක්මක් නැති දේශපාලකයෙක්.
සජිත්.? මොකද මේ උරණ වෙලා.?
ගෝනි බිල්ලෝ ගෙනාවේ ඔබතුමාගේ පියානෝ නේද.?
දේශපාලන සංස්කෘතිය වෙනස්කරන රටට සැබෑ ආදරය කරන පෙරමුණක් සියළු ජනයාගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතේ පටු දේශපාලන අරමුණු සඳහා නැවත සජිත් ප්‍රේමදාස පැරණි දේශපාලන බොරුව, කෙබරය ඇදබාමින් ඇත. මොවුන්ගේ බය සාධාරණයි.
මෙන්න බොලේ, අවුරුදු 3ක වගේ කලක ඉඳන් රටේ ආර්ථිකය විනාශ කළ කෙනෙක්ට ආර්ථික විශේෂඥයෙක්ලු, ඔව්... පොත් මිටියක් උස්සන්, කාගෙත් මගුල් ගෙවල්වල අයවැය හදමින් රට වටේ ගිය හැටි... මතකද මේ කියන ආර්ථික විශේෂඥයා..?
ගොනි බිල්ලො ගෙනාවෙ අප්ප කියල අමතකයි.. හොර සල්ලි කෙස් යට ගහල බෙරුවෙ මයිනා කියලත් අමතකයි. . එජාපෙ පජාත කුජීත එවුන් රැලකගෙ ලොක්ක වෙලා දැන් හිතාගෙන ඉන්නෙ මෙ රටෙ මිනිස්සුත් කොකෙන් ගහල ඉන්නෙ කියලද? පව්. . .
දැන් හැමෝටම NPP භීතිකාව වගේ .මෙදා සැරේ මාලිමාව දිනන එක කාටත් නවත්වන්න බැහැ
ගරු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයාට දුර දිගු නුවණක් තිබුණු බව අමතක කරන්න එපා... මේ කාලකණ්ණි අපත ජෙප්පන්... තම මවුබිමට සාපයක් බව මෙතුමා දැනගෙන සිටියා. අද එය සක්සුදක් සේ පැහැදිලියි නේද?
පරණ ඒවා ගොඩ ගත්තොත් ඉතින් මඩ විතරක් නෙවෙයි.... නාගන්න වෙන්නේ තමුන්ටමයි.
හලෝ ජෙප්පෝ රටට කළ එකම සේවය තමයි 2005 මහින්දට බලය ලබාදීම... එසේ නොකළා නම් අද රටපාලනය කරන්නේ ප්‍රභාකරන්... ඔහේගේ තාත්තා කලේ දෙමළ ත්‍රස්තයින්ට සිංහල හමුදාව මරන්න ආයුධ සමග සල්ලි දීමයි... හලෝ අපි මේ රටේ මිනිස්සු අපි තනනවා.. සජියා කියන්නේ කවුද කියලා...