
(ක්‍රිශාන් ජීවක ජයරුක්)
ගන්දර, කපුගම ප්‍රදේශයේදී අද (03) උදෑසන නාඳුනන තුවක්කු කරුවකුගේ වෙඩිපහරට ලක්වූ ව්‍යාපාරිකයෙක් තුවාල ගබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබූ ව්‍යාපාරිකයා (48) බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් හා බස් රථ හිමිකරුවෙකි . මොහු පසුගිය මාර්තු මාසයේදී දෙවුන්දර වෙඩි තැබීමකින් මිය ගිය තරුණයන් දෙදනාගේ ළඟම මිතුරාගේ පියා බව අනාවරණය වී ඇතැයිද , මිතුරා මේ වන විට විදෙස්ගතව සිටින බවද පොලීසිය කියයි.
අද උදෑසන 6.30 ට පමණ සිය නිවසේ ඉදිරිපිට තේ පානය කරමින් සිටියදී ව්‍යාපාරිකයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. මේ වන විට නිවස අවට ආරක්ෂාව තරකර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලෙට ගිය රටේ තව එක දවසක්! හෙට මැරුම් කන එකා මොන පළාතේද යන බව අනුමාන කර ටී 56 උණ්ඩයක් දිනාගන්න!!!