(නයනජිව බන්ඩාර සහ කේෂර ගුණතිලක)
නිදන් කැණිමේ සිද්ධියකට හා ගංජා කිලෝග්‍රෑම් 23ක් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත්, මොණරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුනිල් ශාන්ත සිසිල කුමාර මහතා ඇතුලු සැකකරැවන් සයදෙනා ගෙන් පස් දෙනෙකු සහ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට මොණරාගල මහේස්ත්‍රාත් සචිනි අමරවික්‍රම මහත්මිය අද (13) නියෝග කලාය.
මහේස්ත්‍රාත්වරිය විසින් මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමග මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, බිබිල දියකොබල, ගුරැමඩ ලිපිනයේ පදිංචි, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියදුරැ ලෙස කටයුතු කල බොන්සෙල් බොතේජුගේ සසිදු මධුෂාන්, ඔක්කමිපිටිය පහළගම ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දුලංජන සේනක, මොරටුව එගොඋයන සාගර මාවතේ පදිංචි වීරසිංහගේ උපේක්ෂ ලක්ෂාන් ද සිල්වා,බුද්දම වැල්ලේපොළවත්ත ලිපිනයේ පදිංචි තිස්ස වලංගු මුදියන්සේලාගේ නිලන්ත සංජිව පුෂ්පකුමාර සහ මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ගංජා සැපයිමෙි චෝදනාවට, අපරාධ පරික්ෂණ දෙපාර් තමේන්තු නිළධාරින් විසින් පෙරේදා (12)සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල, ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස යන පිරිසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd