(නයනජිව බන්ඩාර සහ කේෂර ගුණතිලක)
නිදන් කැණිමේ සිද්ධියකට හා ගංජා කිලෝග්‍රෑම් 23ක් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත්, මොණරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුනිල් ශාන්ත සිසිල කුමාර මහතා ඇතුලු සැකකරැවන් සයදෙනා ගෙන් පස් දෙනෙකු සහ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට මොණරාගල මහේස්ත්‍රාත් සචිනි අමරවික්‍රම මහත්මිය අද (13) නියෝග කලාය.
මහේස්ත්‍රාත්වරිය විසින් මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමග මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, බිබිල දියකොබල, ගුරැමඩ ලිපිනයේ පදිංචි, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියදුරැ ලෙස කටයුතු කල බොන්සෙල් බොතේජුගේ සසිදු මධුෂාන්, ඔක්කමිපිටිය පහළගම ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දුලංජන සේනක, මොරටුව එගොඋයන සාගර මාවතේ පදිංචි වීරසිංහගේ උපේක්ෂ ලක්ෂාන් ද සිල්වා,බුද්දම වැල්ලේපොළවත්ත ලිපිනයේ පදිංචි තිස්ස වලංගු මුදියන්සේලාගේ නිලන්ත සංජිව පුෂ්පකුමාර සහ මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ගංජා සැපයිමෙි චෝදනාවට, අපරාධ පරික්ෂණ දෙපාර් තමේන්තු නිළධාරින් විසින් පෙරේදා (12)සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල, ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස යන පිරිසය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගන්ජා සමඟ ඇල්ලූ එස්.එස්.පී රිමාන්ඩ්