
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකු පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් කපා කොටා වෙඩි තබා බරපතල තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ව සිටි ප්‍රධාන සැකකරු රාජගිරිය මාදින්නාගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී තුර්කියේ නිෂ්පාදිත වායු රයිෆලයක් ව්‍යාජ ජාතික හැදුනුම්පතක්, ව්‍යාජ රියදුරු බල පත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවිම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.
කඩවත ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් කපා කොටා වෙඩිතබා බරපතල තුවාල කර තිබිනි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41කි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු