(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිසර නාවික හමුදා කඳවුරේ අවිභාවිතය හා වෙඩි තැබීමේ පුහුණුවකට සහභාගීවීමට සිටි කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7 කින්සිපාර නිවස තුළදී වෙඩි වැදී තුවාල ලබා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි.
තුවාල ලද 39 හැවිරිදි ව්‍යාපාරිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල වෙත ඇතුළත්ව ඇති බවට ජාතික රෝහලේ පොලිස් මුරපොළ මගින් පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන කටයුතු සිදු කළ බව පොලිසියේ සඳහන් කරයි.
තුවාල ලද ව්‍යාපාරිකයා වැලිසර නාවික හමුදා කඳවුරේ පුහුණුවකට සහභාගි වීමට නියමිතව තිබී ඇති අතර ඒ සඳහා ඔහුට අයත් නයින් එම් එම් වර්ගයේ ගිනි අවිය රැගෙන පිරිසිදු කරන අවස්ථාවේදී අත් වැරදිමකින් එය ක්‍රියාත්මක වී ඔහුගේ වම් අතේ අල්ලට හා වැලමිට ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.
තුවාල ලැබූ ව්‍යාපාරිකයා සතුව තිබෙන එම ගිනි අවියට නීත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවියේ උණ්ඩ ඇතිබව අමතක වෙලා වෙන්න ඇති .පිරිසිදු කරන්න ඉස්සර වෙලා උණ්ඩ ඉවත්කරන්න කියලා පුහුණුවක් දෙනවා නම් කියලා දෙන්න