
(ඉන්දිකා රාමනායක )
නීතියානුකූල නොවන ලෙසට රිපීටර් ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ පහක් නිවස පිටුපස වළ දමා සඟවා ගෙන සිටි බව කියන හිටපු කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකාර කමාන්ඩෝ සෙබළා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක් සමග පසුගිය 04 දින කොළඹ අපරාධ කොට්ඨාසාය මගින් කොටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රැදවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත කොටුගොඩ ශාන්ත කයිතානු මාවතේ හිටිය ඔහුගේ නිවස පිටුපස වල දමා තිබියදී ඉහත ගිනි අවිය සහ උණ්ඩ සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකාර සෙබළා 37 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වී ඇති බවට දැනට සිදුකරන විමර්ශනයේදී හෙළි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd