
(සුජිත් හේවාජුලිගේ)
සිවිල් පුද්ගලයන්ට පසුගිය කාලයේදී නිකුත් කර තිබූ ගිනි අවිවලින් දැනට බාරදී ඇත්තේ පනහකට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය කාලයේදී සිවිල් පුද්ගලයන්ට ගිනි අවි බලපත්‍ර 1650 ක් නිකුත් කර තිබිණ.
සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති ගිනි අවි සහ පතුරම් ලබන මස 7 වැනිදාට පෙර බාර දෙන ලෙස රජය පසුගියදා දැනුම් දුන්නේය.
එම ගිනි අවි සහ බාරදිය යුත්තේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙතය.
ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියලුම ගිනි අවි මෙසේ රජයේ බාරයට ගන්නේ එම අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීමේ පදනම මතය.
නියමිත දිනයට පෙර ගිනි අවි සහ පතුරම් බාර නොදුනහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලපත්‍රලාභීන්ට දැනටමත් දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නෙ ඉතිරිවා අවභාවිතා වෙච්ච නිසා තමයි භාර නොදෙන්නේ.පාතාලේ මිනීමැරුම් වලට ඕවා යොදා නොගන්නවා කියල සහතික වෙන්න පුලුවන්ද? නොදුන් අයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.