
(කුෂාන් ජයවර්ධන)
නීතිවිරෝධී ගිණි අවි සොයා සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ගිණී අවි 06ක් සමග සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරානේගම පොලිසිය කියයි.
ගිරානේගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක එන්.බී.ඒ.එස්.බී නිශ්ශංක මහතාට ලද තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න මහතා ඇතුලු නිලධාරීහු පිරිසක් මෙම වැටලිම සිදු කළහ.
ගිරානේගම කරකොලගයාය ප්‍රදේශයේ පුද්ගලයකු ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගිණි අවි කම්හලක් වටලා එහි නිෂ්පාදිත බෙහෙත් කොටන නීතිවිරෝධී තුවක්කු දෙකක් ද බඳින තුවක්කු 03ක් ද එම කම්හලේ නිෂ්පාදනය කරමින් පැවැති තවත් එවැනි නීතිවිරෝධී බෙහෙත් කොටන තුවක්කුවක යාන්ත්‍රික කොටසක් හා බඳ කොටසක් ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
එම නීතිවිරෝධී ගිණී අවි කම්හල පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දඹුළුහල්මිල්ලවැව උල්පතයාය පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයකි.
වත්මන් රජයේ හා නව පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතයට අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවි කම්හලක් වටලයි