
(එම්.සුසිල් පියන්ත)
මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ එයට දමන ටී 56 උණ්ඩ 03ක් දිරා ගිය කඩුවක් සමග එක් අයෙක් කරන්දෙණිය මන්ඩකන්ද ප්‍රදේශයේද අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
ඇල්පිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවසේ තිබියදී මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, ටී 56 උණ්ඩ 03ක් හා දිරා ගිය කඩුවක සොයා ගැනීමට හැකිවී තිබේ.
කරන්දෙණිය මන්ඩකන්ද ප්‍රදේශයේ පදිංචි හතලිස්පස් හැවිරිදි සැකකරු තීරෝද රථ රියදුරෙක් බවද පොලීසිය කියයි.සැකකරු අත් අඩංගුවට ගැනුනු ගිනි අවිය ,පතුරම් සහ කඩුව සමග අද(9)ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd