( තිලකරත්න දිසානායක)

මෙවර  5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ගම්පහ , ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ සිසුවා ලකුණු  198 ක් ලබා ගනිමින් විදුහලට කීර්තියක් අත්කරදී ඇත.

මෙම සිසුවා ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවාය.

ඔහු සිය ඉහළ සාමාර්ථය ගැන අදහස් දක්වමින් කීවේ මෙවර ශිෂ්‍යත්ව විභාගය තරමක් අමාරු වුවත්, වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබේවි යැයි අදහසක් තිබූ බවත් ඔහුගේ අනාගත අපේක්ෂාව ඉංජිනේරුවෙකු වීම බවත්ය.