IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගත්ත ණය ගෙවන්න බංගලාදේශය කල් දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ආපසු ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදුන් බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් මහතා ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එරට මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී පවසා ඇත.

එම ණය මුදල ගෙවීම සඳහා ලබා දිය හැකි අවසන් කාල සීමාව මෙය බවද ඔහු සඳහන් කර තිබේ.

 අසීරු කාලයක් ගෙවමින් සිටියදී බංගලාදේශය ලබා දුන් සහාය පිළිබඳව ශ්‍රී ලංකාව ස්තුතිවන්ත වූ බවද එහිදී ඔහු සඳහන් කර ඇත.

විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා දුන් අතර එය ගෙවීම සඳහා බංගලාදේශය අමතර මාස 6 ක කාලසීමාවක් ලබා දෙන ලදි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් තවත් ණය කාල සීමාව දීර්ඝ කිරීමක් ඉල්ලා ඇති අතර ඒ අනුව සැප්තැම්බර් මාසය දක්වා කල් ලබා දීමට බංගලාදේශ රජය තීරණය කර ඇත.



අදහස් (5)

ගත්ත ණය ගෙවන්න බංගලාදේශය කල් දෙයි

Nihal S Monday, 06 February 2023 11:36 AM

බංග්ලාදේශය - ඔබ තවමත් මෙම මුදල් ආපසු ලබා ගැනීම ගැන සිහින දකිනවාද? සුබපැතුම්

:       0       19

සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 February 2023 12:05 PM

බංගලාදේශය වැනි රටකටත් ණය වීමට සිදුවී, එයද ගෙවා ගැනීමට නොහැකිව ඉන්නා අවස්ථාවක නේද අප මේ නිදහස් දිනය වෙනුවෙන් උත්සව තියා රටේ මුදල් නැති නාස්ති කළේ..? මෙහෙමත් අමන වැඩ ...

:       0       17

Hafeel Monday, 06 February 2023 02:13 PM

ඒකත් ලැජ්ජයි... අපෙන් පසු නිදහස ලැබූ රටක් බංගලාදේශය. අනික 1970 පාර්ලිමේන්තුවට ආපු මහින්ද රාජපක්ෂ, 1974 නිදහස ලැබූ බංගලාදේශයෙන් හිඟා කන එක ලැජ්ජයි.

:       0       6

fairoos Monday, 06 February 2023 12:17 PM

මේ කාලකණ්ණි දේශපාලකයින් රට කෑවා.

:       0       13

pakeer Monday, 06 February 2023 12:27 PM

පිනට දුන්නා කියලා හිතාගන්න. පවු ඔයාලා... ඔයාලගේ මිනිස්සු මහන්සියෙන් හම්බ කරපුවා... අපේ හොර තක්කඩි රැළට දුන්නා .... පව්...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site