IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගණේමුල්ල සංජීව ඝාතකයාගේ පෙම්වතිය අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අලුත් කඩේ අංක 5 අධිකරණ සංකීර්ණය තුළදී  පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුගේ පෙම්වතිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වෙඩික්කරුගේ කළමනාකරු ලෙස සිටි පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි

පෙම්වතිය බව කියන 23 හැවිරිදි  තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය 174  මාර්ගයේ සම්භාහන ආයතනයක් තුළදී බවත් සැකකාරිය මහරගම පොල් වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසයි.

වෙඩික්කරුගේ පෙම්වතිය වන සැකකාරියව සංජීවගේ ඝාතනයෙන් අනතුරුව රටින් පිටවීම සඳහා  මීගමුව ප්‍රදේශයට රැගෙන යාම සඳහා සූදානම්ව සිටි පුද්ගලයා අනෙක් සැකකරු බව පොලිසිය කියයි. එම සැකකරු, වයස අවුරුදු 28 ක් වන මහරගම දඹහේන පාර පදිංචිකරුවෙකි.

සැකකරු සහ සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පොලිසිය මගිනි

ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි



අදහස් (3)

ගණේමුල්ල සංජීව ඝාතකයාගේ පෙම්වතිය අත්අඩංගුවට

සෙනෙවිරත්න Friday, 21 February 2025 09:21 PM

මම දැක්කා සජබෙ ඇඬිල්ලෝ කියනවා මේ වෙඩිතියපු කෙනා නෙවෙයි කියලා, ඒක රටට හෙනගහලා හෝ අන්දරේට පුටුව දෙන්න හිතන අය. තවත් මොළේ කලඳක් නැති බඩ මහත මන්ත්‍රී කෙනෙක් කියලා තිබුණා මේ සැකකරු ඇල්ලුවේ ඩුබායි පාවාදීමක් මත කියලා, ඒක තමයි පාතාලේ ගනුදෙනු කියන්නේ...!

:       7       9

de silva Saturday, 22 February 2025 02:03 AM

මේවා අතේ පැලවෙන බොරුනේ, මේ කියන කාන්තාවට රටෙන් පිට වෙන්න ඔච්චර අවශ්‍යතාවයක් තිබුණා නම්, ටිකට් එකක් අරන් ඉන්දියාවට හෝ වෙන රටකට යන්න ප්‍රහාර දිනේට පෙර හෝ ප්‍රහාරය දින හෝ ඊට පසුදින කිසිම බාධාවක් තිබුණේ නැති එකේ මොකටද තව එකෙක් මේ කාන්තාව රට ගෙනියන්නේ උදව්වට...?

:       0       4

ස්ද්දි Saturday, 22 February 2025 09:31 AM

දැං මේ දෙන්නත් ඔය සිද්ධියට සම්බන්ධද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site