
(චන්ද්‍රසේන ගමගේ)
සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන්තොට යුද හමුදා විශේෂ කාර්යාංශයේ නිළධාරීන් විසින් අද සවස අත් අඩංගුවට ගෙන තිබේ.
ටී 56 උන්ඩ යෙදිය හැකි ගිණි අවියක් හා අඩක් නිම කරන ලද ගල් කටස් වර්ගයේ ගිණි අවියක් මෙලෙස අත් අඩංගුවට ගත් බව යුද හමුදා තොතුරු වලින් පැවසේ .
යුද හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව අත් අඩංගුවට පත් සැකකරු සමඟ ගිණි අවි හා උපකරණ සූරියවැව පොලීසියට බාර දී ඇති අතර සැකකරු හෙට දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ නිර්මාණශීලියෙක්. සිරගත කිරීම නොව හමුදාවට හෝ පොලිසියට ආරක්ෂාකාරී ලෙස සේවයට ගත යුතු අයෙක්. බුද්ධිය මොට්ට කල යුතුද?
අවුරුදු විස්සකට වැඩිය කාලයක් මේ රටේ යුද්ධයක් තිබ්බා.ලෝකේ දරුණතම ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක සටන් කරන්න කෝටි ගාණක අවි ආයුධ රට ඇතුලට ගෙනාව.ඊටත් අමතරව ලෝකයේ දූෂිතම දේශපාලන සංස්කෘතියක් අවුරුදු පනහක විතර කාලයක් මේ රටේ ඇති වෙමින් තියෙනවා.බලය වෙනුවෙන් නීති විරෝධී ගිනි අවි සිවිල් කණ්ඩායම් අතට හිතු මනාපේ බෙදල දීල තියෙන රටක ලංකාවේ ආරක්ෂක අංශ මේ වගේ ප්‍රාථමික ගිනි අවියක් නීති විරෝධී ආකාරටයට නිෂ්පාදනය කරන මනුස්සයෙක් අල්ලන් ඉතා විශාල දෙයක් ලෙස හුවා දක්වමින් ඉස්මතු කිරීම ගැන ඔවුන් ලැජ්ජා විය යුතුයි.හරි නම් විය යුත්තේ මෙවැනි අයගේ දැනුම උපයෝගී කරගෙන අඩුම තරමේ වගා හානි කරන සතුන්ගේ පාලනයට යොදා ගැනීමට හැකි වායු රයිෆල් හෝ අඩු මිලකට නිෂ්පාදනය කර ගැනීමට කටයුතු කිරීමයි.