(නිමල කොඩිතුවක්කු)
වැට් බදු ඉහළ දැමීම සහ ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් වැලි, සිමෙන්ති, යකඩ, වයර් සහ විදුලි උපකරණ ඇතුලු සියලු ද්‍රව්‍ය මිළ ඉහළ ගොස් ඇතියි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී පෝල් මහතා පැවසීය.
වැලි කියුබ් එකක් රුපියල් 1500 කින් සහ සිමෙන්ති කොට්ටයක් රුපියල් 300 කින් පමණ ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
විදුලි බුබුලු ඇතුලු ඇතැම් විදුලි උපකරණ අලුතින් වැට් බද්ධට අයත් වීම නිසා විශාල ප්‍රමාණයකින් මිළ ඉහළ ගොස් ඇතැයිද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්නි ආණ්ඩුවේ එවුන්ට ඕව තේරෙන්නෙ නැහැ. මුං හිතාගෙන ඉන්නෙ නොකා නොබී ඉඳල හරි බැංකු ගිණුම වැඩි කරගත්තම හරි කියල..අසනිපෙ හොඳ වෙයි...හැබැයි ලෙඩා මැරිල..
මේ කාලකන්නි ආණ්ඩුවේ දේශපාලුවෝ සහ නිලධාරී අනවශ්‍ය වියදම් අඩු කරගන්න කිසිම උත්සහයක් දරන්නේ නැහැ... තවමත් ඔවුන් කරන්නේ අපේ සල්ලි වලින් පැට්‍රල් ගහගෙන V8 වල ගමන් බිමන් යන ගමන් අපට බදු ගහන එක, මේ අය ගම්වලට ආවාම හූ කියලා එලවන්න ඕනේ..., මොවුන් දැන් විවිධ පිල් හදාගෙන එක එක පක්ෂවලින් පාර්ලිමේන්තු ඇවිත් 2015 කළා වගේ අපිව ගොනාට අන්දන්න සිතනවා... මොවුන් ඡන්දෙට කලින් බොරුවට රණ්ඩු වුණත් මොන කතා කීවත් පාර්ලිමේන්තු ඇවිත් පක්ෂ විපක්ෂ දෙගොල්ලෝම එකට සෙට්වෙලා නැවත පරණ සෙල්ලම පටන් ගන්නවා ... මොන පක්ෂෙන් ඉල්ලුවත් පරණ හොරුන්ට මනාපේ නම් ගහන්න එපා. එහෙම කලොත් දුක් විඳින්න වෙන්නේ ඔබගේ දරුවාට...!
වැලි වලට වැට් කියල වැඩි කරන සල්ලි වැලි සපයන්නොන්ගෙ සාක්කුවටනෙ. රජයටද? මේ සිස්ටම් එක මොකද්ද? මේවාට අරගල කරන්න පෙරට එන්න බැරිද දැන්..