IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගොඩක් අයට වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාගන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වේවි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතර වැලිපිටියේදී පැවසීය.

හොරකමින් එකතු කර ගත් වත්කම් යළි අය කර ගැනීමේ නීතිය පාර්ලිමේන්තුවේදී ලබන 8 වැනිදා  සම්මත කරගන්නා බව ද ජනාධිපතිවරයා කීය.

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හරහා බොහෝ නඩු ගොනු කර තිබෙන බව කී ජනාධිපති අනුර දිසානායක මහතා ක්‍රිෂ් නඩුවද එවැන්නක් බව සඳහන් කළේය.

මාතර බ්‍රවුන්ස් හිල් නඩුවද ඉතා ඉක්මනින් පැවරෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලකයන් ඥාතීන්ගේ නමට බ්‍රවුන්ස් හිල් වල ඉඩම් ගෙන තිබෙන අතර ඉඩම් මිලදී ගැනීම සඳහා සල්ලි සොයා ගත් ආකාරය ඔවුන්ට හෙළි කරන්නට බැරි වී තිබෙන බව කීය.



අදහස් (10)

ගොඩක් අයට වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාගන්න වෙයි

මැක්ස් Monday, 31 March 2025 03:38 PM

කයියනායක මහතා සහ සමාගමට දැන් ඉතිරිව ඇති එකම විකල්පය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම පමණි. කප්පරක් බොරු කියමින් ජනතාව අන්දා හැදු සිහින මාලිගා එකින් එක බිඳ වැටීමත්, බැරි බැරියාව හැර වෙන මෙලෝ දෙයක් මාලිමා කාරයින්ට නොහැකි නිසාත්ය...!

:       13       26

ගුණරත්න Monday, 31 March 2025 03:42 PM

දැන් මේ මහත්තයාගේ කතාත් අර ඉස්සර හිටි උද්ධච්ච දේශපාලකයින්ගේ කතා වගේමයි. හ්ම් බලය රසවිඳිනකොට දැනෙන හැටි තමයි ඔය, ඉස්සරහට ලස්සන නාට්‍ය දකින්න ලැබෙයි...

:       22       34

යෝගා Monday, 31 March 2025 03:44 PM

ජනතාව එලවනකම් මේ හාදයා ඔය දෙකයි පනහේ මන්තරය ජප කරකර ඉඳියි.

:       19       37

Asela Monday, 31 March 2025 05:28 PM

ක්‍රියාව දේශනා කිරීමට වඩා උතුම්ය. පක්ෂයේ නායකයෙකු ලෙස ඔබ ඔබේ පක්ෂ අරමුදල් රැස් කිරීම විගණනය කර එය ප්‍රසිද්ධියට පත්කර අන් අයට ඔබව අනුගමනය කිරීමට ආදර්ශයක් වන්නේ නම් එය වඩාත් ප්‍රයෝජනවත් සහ විනිවිදව පෙන්වනු ඇත...

:       6       25

prasanna Monday, 31 March 2025 06:14 PM

ඔයාලා ගෙවල් ගිනිතියලා පාර්ලිමේන්තු මන්ත්‍රීලා මැරුවා... නඩු අහන්නේ නාමල් බලයට ආවාමද?

:       6       24

Nandana Monday, 31 March 2025 07:19 PM

මාර වැඩේ මෙයා කොහොමද එහෙම කියන්නේ? ඒවාට දඬුවම් දෙන්නේ නඩුකාරවරු. හොරාට පෙර සරම වැට පැනලා...

:       3       21

Gamini Tuesday, 01 April 2025 01:27 AM

දැන්නම් පිස්සු කියලා රටම දන්නවා .නුවර වැව රව්මෙත් මේවගේ එකම දේ කියවන මනුස්සයෙක් ඉන්නවා

:       0       0

Perera Tuesday, 01 April 2025 05:13 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

:       1       4

anuranga7 Tuesday, 01 April 2025 08:22 AM

මිනිස්සුන්ට අගහිගකම් දරා ගන්න බැ, එකට පිලියමක් දුන්නෙ නැත්තම් ඡන්දය පරාද වෙනව ශුවර්

:       0       6

Sujeewa Tuesday, 01 April 2025 06:20 PM

මෙය සිදු වන බව ඔබ දන්නේ කෙසේද? අධිකරණ පද්ධතිය ස්වාධීන නම්, ඉදිරි නඩුවක තීන්දුව කුමක් වේවිද ඔබ දන්නේ කෙසේද? මම NPP ආණ්ඩුවේ ප්‍රබල අනුගාමිකයෙක් වුණත්, මට දැන් දැනෙනවා ඔබ ඇතුළු අතිගරු ජනාධිපතිතුමා ඇතුළු NPP ආණ්ඩුවේ සෙසු පිරිස උනන්දු වන්නේ විපක්ෂය මරා දැමීමට මිස රට සංවර්ධනය කිරීමට නොවේ. ක්‍රමය වෙනස් කළේ අපි, ජනතාව, හරිම අවාසනාවන්තයි. ඔබ වෙනස් වී නැත. NPP යේ කොඳු නාරටිය වූ JVP වසර 60ක් (1964 සිට 2024 දක්වා) ජනතාව විසින් "ඊර්ෂ්‍යා" ලේබලය ඇලවීම පුදුමයක් නොවේ. නැවත සිතන්න. අවුරුදු 60ක් තිස්සේ ඔබ වැරදි කළා; ඔබ ජාතික වත්කම් (බස්, ට්‍රාන්ස්ෆෝමර්, ලාම්පු / දුරකථන කණු ආදිය) විනාශ කළා, ඔබ අහිංසක මිනිසුන් දහස් ගණනක් ඝාතනය කළා. නමුත් ඒ සියල්ල සමඟින් අපි ඔබව තෝරා ගත්තේ ක්‍රම වෙනසක් සඳහායි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site