(බිඟුන් මේනක ගමගේ)
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
තමා මීට පෙර ද මෙම අභියෝගය කළ නමුත් ඔවුන් දෙදෙනාම ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද දිසානායක මහතා පැවසීය.
රට පාලනය කිරීමට නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් සතුනම් ඒ ගැන කතා කිරීමට බිය වන්නේ කුමක් නිසාදැයි තමා ප්‍රශ්න කරන බව ද ඔහු කීය.
තමා සමඟ විවාදයකට සූදානම් නොමැතිනම් ස්වාධීන ජනමාධ්‍යවේදියෙකු විසින් මෙහෙයවනු ලබන විවෘත ප්‍රශ්න කිරීමකට ලක්වන්නයි තමා ඔවුන්ට අභියෝග කරන බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මැතිතුමා, ඔන්න වෙලාව ගෝඨාභය මැතිතුමා තරම් බය නැති බව පෙන්වන්න.
මම ජ.වි.පෙ. ට අකමැත්තෙන් හිටියේ... නමුත් අනුර කුමාර දිසානායක නමැති පරිණත සැබෑ දේශපාලනඥයා දැන් ඉදිරියට ඇවිත් බව මම විශ්වාස කරනවා. ඉදිරිපත් වී ඇති 35 දෙනා අතරින් රට බාරදෙන්න සුදුසුතම අපේක්ෂකයා අනුර බවට කිසිම විවාදයක් නැහැ. නමුත් ඔහු දිනන එකක් නැහැ.. අපේ වහල් මිනිස්සු කැපුවත් නිල් පාට, කොළ පාට හින්දා. ජෝසප් දී මෙස්ටර් කිව්වා වගේ, "රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි". තකතීරුවන් වැඩි රටකට තකතීරු ආණ්ඩුවකුත් බුද්ධිමතුන් වැඩි රටකට බුද්ධිමත් ආණ්ඩුවකුත් ලැබෙනු ඇත.
අනිත් අයට අභියෝග කිරීමට පෙර අපට පැහැදිලි කරන්න ඔබලා ජයගෙන ජනපති වුනොත් ආණ්ඩුව කරන විදිය... ඔබගේ ආණ්ඩුවෙත් අගමැති රනිල්මද? ඔබලගේ ආණ්ඩුව පත්කරන්නේ කෙසේද යනවග? කාගේ හරි කොන්ත්‍රාත්තුවක් අරගෙන රටේ ජනයාගේ මුදල් සහ කාලය නාස්තිකිරීමක් තමයි මෙයා කරන්නේ.
මෙයත් එක්ක විවාද කරලා වැඩක් නෑ. කාලේ අපරාදෙ මෙයා පරදිනවා... හැබැයි හොඳ මනුස්සයා...
ඇමරිකන් ගෝඨාභය නම් ඕවට එන්නේ නෑ. අනික ඉතින් ඒ මනුස්සයට වචන පැටලෙනවා. අමතක වෙනවා, කියන්න යන එක නෙමේ කියවෙන්නේ, අම්බානකට තරහා යනවා. පේන්නෙත් අඩුවෙන් සහ අපේ දොස්තරලාට හොඳ කරන්න බැරි ලෙඩ හැදිලා තියෙනවා. තාම ඉතින් ඒවට බෙහෙතුත් පිටරටින් ගන්නේ... අනික ඉතින් හැත්තෑව පැනලා නිසා ඔය වාද කරන්න ගිහින් පණ ගියොත් එහෙම ඇමරිකාව මෙතන යකා නටයි. එයාලගේ පුරවැසියෙක් නිසා... ඔක්කොම ඇමරිකන් ප්ලෑන් වතුරෙනේ... එයාට මොනවා හරි වුණොත්..
පොළවේ පය ගහලා දේශපාලනය කරන අවුරුදු විසි ගණනක් කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොතකා රට වෙනුවෙන්, දුක් විඳින මිනිස්සු වෙනුවෙන් සටන් කරන ජවිපෙ සමග පෙළ ගැසෙමු... මිත්‍රවරුනි... සැබෑ විකල්පය වන ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට මෙවර ඔබේ සහයෝගය දෙන්න...
අල්ලපු ගෙදර මිනිස්සු පාස්කු බෝම්බෙන් මැරිලා තියෙද්දී අපි කොහොමද අන්තවාදීන් තියන් ඉන්න අයට ඡන්දෙ දෙන්නේ .
එක්කෙනෙක් කට අරින්න බයයි. අනිත් එක්කෙනා කට ඇරියම ඇතුල හිස් කියලා පේනවා. අපේ රටේ ස්වාධීන යයි කියාගන්නා ජනමාධ්‍ය පුලුවන්නම් මේ තිදෙනා අතර සංවාදයක් සුදානම් කරන්න. අනුරගේ හැකියාව උගත්කම කැපවීම රටට දැකගන්න අවස්තාව ලැබෙයි.
සජිත් ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. එත් ආර්යා කෝලම තමා එපා වෙන්නේ. ගෝඨා ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. විමල්, ගම්මන්පිල ඇමතිකම් ගන්න එක තමා ඉවසන්න බැරි. ඒ නිසා අනුර කුමාරට දීලා දානවා.
2015 රාජපක්ෂ පාලනය ගෙදර යවපු හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් පාවා දුන්නා. ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කළා. නැවත එසේ නොවීමටනම් විකල්ප ජන බලයක් දිනවිය යුතුමයි. මෙවර අපේ සහයෝගය අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවීමටයි.
නෑ නෑ මම එන්නෙ නෑ ගෝඨා එනවනම් මමත් එනව කියලා සජිත් කියාවි.
ඇත්තටම බැලුවොත් පොහොට්ටුවට ඉදිරිපත් කළේ දුර්වලම අපේක්ෂකයා. ගෝඨාභයට සුළු ජාතික ඡන්ද දිනාගන්න නොහැකි වීම පමණක් නොවේ.. සෞඛ්‍ය තත්වය අතිනුත් ඔහු දුර්වලයි. පිරිසක් සමග සාමූහිකව වැඩ කිරීම අතිනුත්, අන්‍යයින්ට ඇහුම්කන්දීම අතිනුත්, ප්‍රකාශකයෙක් වශයෙනුත් ඔහුගේ දුර්වලකම් දැන් හැමෝටම පේන්න තියෙනවා. සජිත් ඉදිරිපත් වීමත් සමග යුඑන්පී යට උගත්, බුද්ධිමත් ජනතාවගේ ඡන්දය අහිමි වෙලා...
ඔබ ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න දේශයක් ස්ථාපිත කිරීමට නම් ඔබ කළ යුත්තේ උගත්, බුද්ධිමත් සිවිල් සමාජය සමග එක්වී නිවැරදි දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගයයි. ඉතිහාසයේ පලවෙනි වතාවට දේශීය විශ්ව විද්‍යාලයක උපාධිදාරියෙක් ජනාධිපති ධුරයට පත්කර ගන්න අපිට අවස්ථාවක ඇවිත් තියෙනවා.
සජිත්-ගෝඨා ඕනෑ නැහැ. පුලුවන්නම් අපිත් එක්ක විවාදයකට එන්න. හැබැයි කලින් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැහැ.
ගෝඨාභයට මොන වාදද?
අනුර හොඳ මනුස්සයා... ඒ නිසා හොඳ මනුස්සයෙක් රටේ ජනාධිපති කරගන්න තිබෙන අවස්ථාව මඟහැරගන්න එපා...
ඔයගොල්ලෝ බොහෝ කාලයක් වාද විවාද කළා.. නමුත් මහජනතාව හැටියට අපිට සිදුවුණු සෙතක් නැහැ සහෝදරයා. ඔබගේ විවාද බලමින් අපි දෙපැත්තකට වෙලා ඔබලාට හුරේ දැම්මා මෙතෙක් කාලයක්... නමුත් අපිට ලැබුණු කෙන්ගෙඩියක් නැහැ. ඒ නිසයි පහුගිය දවස්වල ජනතාව මොරදුන්නේ 225ම එපා කියලා. දවසින් දවස රට අගාධයට ගියා පමණයි.
ඊයේ සටන බැලුවානම් හිතාගන්න පුළුවන් අනුරගේ වැඩ.. හරිම පැහැදිලියි. ප්‍රශ්න නිරවුල්... ඇත්තටම හොඳ නායකයෙක් වෙයි.
අපගේ අදහස් වලට වැඩිදෙනෙකු එකඟ නොවෙනු ඇත. අපගේ දෙමාපියන්ටද පින් අනුමෝදම් කරනු ඇත. නමුත් අප මෙය මේ රතු මලයාගෙන් ඇසිය යුතුමයි. අනුර මල්ලියේ "ඔහේ මෙතෙක් කල් කළ, කී දේවල් " එක එකාට හේත්තුවෙලා බලය ගන්න කළ මගෝඩින්ස් වැඩ ගැන, අන්තරේ ඉන්න ඔහෙලගේ කට්ටිය පඹයින් ලෙස නටවපු සහ නටවමින් අහිංසක පුරවැසියාගේ එදිනෙදා කටයුතු වලට අනේකවිධ බාධා ඇති කිරීම ගැන, ඔහේගේ හිතට එකඟව අවංකව කලේද යන්න තමන්ගේ යටිහිතින්ම පළමුව විවාදකර තර්ක කර දිනලා එන්නකෝ... මේ අනිත් "හිවලුන්" සමග විවාදෙට කතා කරනවට වඩා මොකද අපට ඔහේව පේන්නේ නියම "සටකපට නරියකු" ලෙස තේරුණාද..?
දන්නා කාලේ ඉඳන්ම කළේ කතා කරකර ඉන්න එක නොවැ. එහෙම කරලා රටක් ගොඩගන්න පුලුවන් නම් දැන් අපේ රට ගොඩ. කටින් බතල කොළ හිටුවන්න රුසියෝ...
සජිත් කොහොම වෙතත් ගෝඨාභය කොහොමටත් ඔය විවාදයට එන්නේ නැහැ..
ඔබ අප සියලු දෙනාම මීට පෙර ජනාධිපතිවරණවලදී ඡන්දය දුන් අපේක්ෂකයන් බොහෝවිට ජයග්‍රහණය කරන්නට ඇත. ඊට පෙර අවස්ථාවෙදීද ජයගන්නට ඇත. ඊටත් පෙර අවස්ථාවන් බොහෝමයකදී ඔබ කැමති අපේක්ෂකයන් ජයගන්නට ඇත. නමුත් අදටත් ඔබ හෝ රට දිනා නැති බවට ඔබ සියලු දෙනාම ඵකඟ වනු ඇතැයි මා විශ්වාස කරමි. අප සියලු දෙනාම රට වෙනස් විය යුතු බව පිළිගනියි. අප වෙනස් වන තාක් මෙම රට වෙනස් නොවන බව මාගේ අදහසයි...
මොකටද දිනන පැත්තට හෝයියා කියන්නේ? නිසැකවම අපේ ගෙදර ඡන්ද අටම ජේවීපී එකට...
ලංකා ඉතිහාසයේ JVP භුමිකාව 1970 සිරිමාවෝගේ පාලනයකට ඔවුන් කැමැති වෙන්නේ... පසුව සමගි රජය බලෙන් ගන්න. නමුත් මැතිණිය අම්මා කෙනෙක් ලෙස ඉතා හොඳින් අර්බුදය විසඳුවා.. නමුත් JVP වරද්ද ගත්තා. 1994 චන්ද්‍රිකාට සහාය දෙන්නෙත් එයත් දුර්වල පාලිකාවක් කරගෙන කටයුතු කරන්න. එතැනත් වැරදුණා. එයට පස්සේ මහින්දට සහාය දෙන්නෙත් එයාද ජාත්‍යන්තරව හුදෙකලා පුද්ගලයා කියලා. පස්සේ මංගල සමග එකතුව මහින්දට විරුද්ධව SF සටනට ගෙන එන්නෙත් ඔවුන්. යලිත් 2015 සිරිසේන මහතාට සහාය දෙන්නෙත් එයා ද දුර්වල පාලකයෙක් වෙයි කියල හිතාගෙන... එය සිදුවූයෙත් නෑ. 70 දශකයේ ස්වදේශවාදී දැඩි අරගලකාරයින් 2000ට පසු කාලවල කොහේ යනවද කියලා හිතාගන්නවත් බෑ. අලුත්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ අන්‍යාගමිකයන් වෙලා. පසුකාලීන එකමුතුවකට ප්‍රතිපත්ති සමකරගෙන... මෙම කණ්ඩායම නිවැරදිව ඉතිහාසය තුළ කටයුතු කළා නම් අද රට ඔවුන් අතේය...
අලුත් විකල්පයක් කියන්නේ අනුර, මහේෂ් වැනි එකී නොකී අලුතින් බිහිවෙන අපේක්ෂයන්ටත් අවස්ථාවක් දී බලන එකනේ... මොකද නිල්, කොළම විතරක් මේ රට කළයුතුයි කියලා සම්මතයක් නැහැනේ තවම...
වැඩ කරන්න පිටියක් නොවෙයි... සමහරු කතාවට දක්ෂයි.., වැඩට දක්ෂ නෑ.. සමහරු වැඩට දක්ෂයි කතාවට දක්ෂ නෑ.. සමහරුන්ට දෙකම බෑ... ජනතාව වෙලාවට වැඩේ කිරීමෙන් හානියක් කළ උපරිමයෙන් වැඩ කළ කෙනා තොරා ගනීවි.. මොකද ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනා මීට කලින් තනතුරු දැරුවා. තීරණය කරන්නේ ජනතාවයි. ඒ නිසා බොරුවට කාලය කන්න ඕනේ නැහැ.
මේ මොළ ගෙඩිවලට තේරෙන්නේ නැති හැටි. මේක වාද කර කර ඉන්නවත්, කතා කර කර ඉන්න වෙලාවක් වත් නෙවෙයි. දැන් රට වැසියා තීරණය කරලා ඉවරයි. බලමු 18 මොකද වෙන්නේ කියලා....
විකාර දොඩවන්න එපා. ඔහෙලත් එක්ක වාද කර කර ඉන්න කොහොමත් සජිත්ට වෙලාවක් නැහැ. රෑටත් මිනිස්සු නිදිද කියලා බලන්න යන්න තිබෙනවා.