(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 15 ට වඩා සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබා දිය නොහැකි බව සිංගප්පූරු බලධාරීන් දැනුම් දී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින 15 අවසානයේ සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවන බව එම වාර්තා තහවුරු කර ඇත.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එළඹෙන 29 වෙනි දින සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවෙයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු පැවරීමට ඉඩ ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ ඇමවල් කාපු හැමෝටම යනඑනමං නැතිවෙනවා...
ආපහු ගෙදර එන්න...
2009 මැයි 18 ඵල විපාක.
හිටපු නෙමෙයි, එලෝපු කියලා තමයි කියන්න වෙන්නේ...
හිටපු ජනාධිපතිවරයාට තම රටට පැමිණීමටත්, එහි ජීවත්වීමටත් අයිතියක් ඇත..!
ජාතිවාදයෙන් රට රකින්න ආපු විරුවා අනේ පව්... සොබාදහමින් පඩිසන් ලැබෙනවා...
මෙච්චර දුක් විඳින්න තරම් වරදක් කරලා නෑ. ඔබතුමා රට වෙනුවෙන් යමක් කරපු කෙනෙක්... රටට ලොකු අපරාධ කරපු කට්ටිය මෙහෙ ඉන්නවා. නිදහසේ නැවත ලංකාවට එන්න.
අගෝස්තු වෙනකොට ආපහු එනවා කියලා වාර්තා කර තියෙනවා දැක්කා...
2009 මැයි 18 සිදුවූ දෙයෙහි ප්‍රතිඵල තමයි මේ...
ඔය ගෝඨාට කිසිම රටක රැකවරණය නොලැබිය යුතුයි.. රට විනාශ කළ මේ සාපරාධී ක්‍රියාවක් දෙකෝටි විසි ලක්ෂයම ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටිමින් ඒකාධිපති පාලනයක් ගෙනගිය රාජපක්ෂ හොරුන්ට මුළු ලෝකයම එරෙහිව ක්‍රියාකළ යුතුයි. නැවත කවදාවත්ම ඔබලාට ලංකාවේ දේශපාලනය එපා කරනු ඇත. මේ කළ අපරාධයට, විනාශයට උසාවිය මඟින් දඬුවම් දිය යුතුමයි...
නහී වේරේන වෙරනී!
පාස්කු ප්‍රහාරය කරවලා බලයට ආවේ ආරක්ෂාවට වගකියන නායකයෙක් ,ජනතාවට සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා.අන්තිමට රටිනුත් පැනලා යන්ඩ උනා. දූෂිත ,බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවන්ට මේවා හොන්ද පාඩම්?