ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට අද (7) නාමයෝජනා බාරදීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා බෝධීන් වහන්සේ පැන්වලින් නහවා සිවුරක් ද පූජා කළේය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ රාජපක්‍ෂ මහතාට බුදු පිළිමයක් ද පිරිනැමූහ.
පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් එම අවස්ථාවට වැඩම කර සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්‍ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන,ජයන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නර්ස් නෝනලාගේ ඡන්ද කීයක් ලැබෙයිද දන්නේ නැහැ? අනිත් අයනම් පටන් ගන්නේ කැලණිය, දළඳා මාලිගාව නැත්නම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වගේ සිද්ධස්ථාන වැඳ පුදාගනිමින් මහනායක ස්වාමින්වහන්සේලාගේ අනුශාසනා සහ ආශිර්වාද ලබාගනිමිනුයි. සමහරවිට මේගොල්ලන්ට අභයාරාමය ඊට වඩා වටිනවා ඇති.
මා ප්‍රර්ථනා ඉටුවේදෝ ,,,, මේ ආත්මයේ ඉටුවේදෝ ,, කල පව් පස්සෙන් ඒ දෝ .,,.
එදා වෙච්ච දේවල්ම තමයි නව වටයකින් එන්න හදන්නේ.වෙනස ගෝඨාභය කියන නමේ කොටස විතරයි.
බැලු බැලු තැන මල් පහන් චීවර පුජාය..// හැම අපේක්ෂකයෙක්මත් මෙය කරනාය..// මෙමගින් සිත්පහන් හැගුමෙන් ඇතුවාද..// ඇරියොත් කට පතුරු යවන්නේ අනිකාගේය ..//
තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් ඔබතුමන්ට ජයග්‍රහණය පතමු).
සැක නැත. ඔබතුමා ජනපතිවනු ඇත. තෙරුවන් සරණ බලය ඔබට ලැබෙනු ඇති.
සජිත් ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. එත් ආර්යා කෝලම තමා එපා වෙන්නේ. ගෝටා ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. විමලයයි ගම්මන්පිලයි ඇමතිකම් ගන්න එක තමා ඉවසන්න බැරි. ඒ නිසා අනුර කුමාරට දීලා දානවා
කළ කළදේ - පල පලදේ.
කොලබ තියෙන පන්සල් නෙවේ, යන්න මුහුදු මහා විහාරයට, යන්න ගුරු කන්ද විහාරයට. ඒවගෙන් ආශිර්වාධ ගත්තම දිනන්න බැරිද?
ඔන්න ලසන්ත පස්සෙන් ,,,,,,
මේක රාජපක්ෂලාගේ ප්‍රචාරක මධ්‍යස්ථානය......
බුදු හාමදුරුවෝ ගස් වලට වදින්න කියල තියනවද?