(නිමන්ති රණසිංහ )
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී අරගලකරුවන් සොයාගනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් මෙම තීරණය ගත් බවද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේය.
ජනාධිපති මන්දිරයේ තිබී මෙම මුදල් සොයා ගනු ලැබූවේ පසුගිය වසරේ ජුලි මස 9 වැනිදාය.
ජනාධිපති මන්දිරය අල්ලාගත් අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ මෙම මුදල් පසුව පොලිසියට බාර දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභයගේ පඩිය කියලා ඔප්පු කරන්න ඇති රහසේම...!
ගෝටාට පිනා චාන්ස් එකක් වැටුන ,රටෙන් පැනලා ගියත් ! දැන් ඔය සල්ලි කන්දරාව ඇති මුන්ට සෑහෙන කාලයක් සුර සැප විඳීම සඳහා
ප්‍රමානවත් සාක්ශි නැහැ කියන්නෙ. මුන්ට ඔය විශය ගැන දැනුමක් නැතිකම. එහෙනම් ඔය මුදල් ඇහිදපු කෙනාටම දෙන්න. පෝලිසියත් ඔය වගෙ හොරා ගැනපැමිනිලි දාන්න ගියාම කියනවා දැක්කොතේ ගොල්ලන්ට කියන්නලු. මුන්ට මේ පොඩි මුදල විස්ද ගන්න බැරිනම්. රටේ තියෙන ලොකු දුශන හොරකම් කොහොමද හොයන්නෙ. නඩේ එලවනකොට. මොවුන් සියල්ලම ත් එලවලා මොලේ තියෙන තරුන පරපුරට රට. බාර දෙන්න ඕන. මුන් එකෙක් රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්නෙ නැහැ නුගතුන්ට කඩේ යනවා
අල්ලස් කොමිසම සහ තිලිණ ගමගේ..
ඒවාට ප්‍රමාණවත් සාක්කි නෑ... අපි ප්‍රසිද්ධියේ දහ දුක් විඳලා හම්බ කරන තුට්ටු දෙක පොතට දාන්න ගියාම මුදල් විශුද්ධිකරණ පනතයි, අරකයි මේකයි හැම කුණුහරුපෙම අහනවා.. සාක්කි නැත්තේ ගෝඨා සාක්කි නොදුන්නු නිසා නෙමෙයිද? එයා මහ රජ්ජුරුවෝද දේවත්වයෙන් සලකන්න? නීතිය නම් අප්පට සිරි වෙන්න සාධාරණයි ඈ...
මරු වැඩේ ලංකාවට උනේ. ඔහොම යන්න
ඒ මුදල් එතුමාටම දෙන්න...!