(අංජුල මහික වීරරත්න)
රටක් ලෙස ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.
රටේ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගතහැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු මෙම හමුවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජිතයෝ එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීමෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා වඩා සාර්ථක කර ගැනීමට රජය සමත් වී ඇති බවයි. මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2024 වසරේ එම තත්ත්වයේ වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියයි, පොහොට්ටුවයි, කපුටයි සාමූහිකව වැඩ කොට රට තවත් වනසන බව නම් පෙනෙනවා. ඡන්දෙදි පිළිතුරු දෙන්නම්.
මේක කතවාට සම්බන්ධ නෑ, ඒත් ලියන්න හිතුනා. අපේ අගමැති තුමා තාම වෙන්නැති ලෝකේ කවුරුවත් සහ රටේ කවුරුවත් දන්නැති එකම කෙනා.
හොරුත් එක්ක හොරකමේ යන්නයි, ජනතාව එකක් ගැටලු විසඳන්නයි? එහෙමද ආස?
සාමුහිකව හොරුත් එක්ක එකතුවී කරන්න පුලුවන් එකම දේ තව තවත් හොරකම් කිරීම මිසක් රට හැදීම නෙවෙයි.
එම ක්‍රමය සඳහා ජනමතයක් සහිත නායකයෙක් රටට අවශ්‍යෙව්.
ජනතාව එකහෙලා ප්‍රතික්ෂේප කරපු පක්ෂයක නායකයෙකුට මේ දෙය කරන්න පුවන්ද?
ජෙප්පෝ බලන්නේ රට වලපල්ලට දාලා හරි බලය ගන්න . අපි බලන්නේ රට බල්ලට ගියත් ජෙප්පන්ට බලය නොදෙන්න. උන්ගේ කෙරුවාවල් අපි දන්නවා.,
බැරිනම් දාලා පලයං කලිසමා.
ගැටලු විසඳන්න නම් සාමූහිකව වැඩ කළ යුතුයි, ජාතින් වසයෙන් වෙන්ව නොව ශ්‍රී ලාංකිකයන් වසයෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට සමාන සම අයිතිවාසිකම් ලබදෙනාවූ, නියෝජනය කරනාවූ එක වියවස්තාවක් එක නීතියක් යටතේ ශ්‍රී ලාංකිකයන් වසයෙන් එක මතයකට පැමිණිය යුතුද වේ. බලය බෙදීම යනු සහ ඒඅනුව කට යුතු කිරීම යනු ජාතින් වෙන් කිරීම මිස එක්සත් කිරීමක් නොවන නිසා පළමුව මනුෂත්වයට මුල් තැනදී කටයුතු කිරීමෙන් විසදුම් ලබාගැනීමට කටයුතු කලයුතුවේ. අර්බුද / ගැටළු අභියෝගයන් මද්‍යයයේ එක් ප්‍රතිපත්ති රාමුවක කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව සහ කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු උත්සාහයන් අගය කරමු.
" පිස්සෙකුගේ සිතිවිලි " රටපුරා සිනමාහල්වල දැන් පෙන්වනවා.මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු ඔබගේ මනසට යම්කිසි " අප්සට් " එකක් ඇතිවුනොත් වහාම බටලන්දේ ආරෝග්‍යශාලාවේ ප්‍රධාන වයිද්‍යවරයා නොහොත් බටලන්දේ වධකයා හමුවී ඔහුගෙන් උපදෙස් ලබාගන්න. ඔබගේ ආපසු පැමිණීම පිළිබඳව වගකියනු නොලැබේ.තමතමන්ගේ ආරක්ෂාව තමතමන්ම සලසාගත යුතුවේ.
රටේ ගැටලු විසදීමට සාමුහිකව තීන්දු ගන්න
එතකොට අර ඔබතුමාට , මහින්දට හිතවත් ව්‍යාපාරිකයන් ටිකක් පිටරට වල නීතිවිරෝදී විදිහට හංගල තියන ලංකාවට ලැබිය යුතු ඩොලර් බිලියන 40 කට අසන්න මුදල් ටික කොහොම හරි අපහු රටට ගෙන්න ගන්න කිසිම ප්ලෑන් එකක් නැත්ද රනිල් හාමු ළඟ ?
මහත්තයෝ රට බේරගන්න ඕන කියලා දයා ගමගේට , මෙන්ඩිස්ලට මහජන බැකුවෙන් ගත්ත කෝටි ගාණක ණය බොල් ණය කියලා කපලා දුප්පත් අපෙන් ඒ සල්ල දෙන්නද කියන්නේ.
ගැටළු විසඳන්න නම් ඔබ ගෙදර යන්න... ඔබ තමයි ගැටළුව...