IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගැටුම බේරා ගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශවයට කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති අර්බුදය තවත් උග්‍ර කර නොගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශ්වයට දැනුම් දුන් බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා දැනුම් දුන්නේය.

උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සහ පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සමග සාකච්ඡා කළ බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ආචාර්ය එස්.ජයිශංකර් මහතා සමග පැවැති සාකච්ඡාවේදී ඉන්දියාවට ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට සහයෝගය ලබාදීමට ඇමෙරිකාව කැපවී සිටින බව නැවත වරක් තහුවරු කළ බවත් එහිදී පාකිස්තානය සමග මතුව ඇති අර්බුදය අවසන් කර ගැනීම සඳහා කටයුතු කිරීමට ඉන්දියාව දිරිමත් කළ බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පාකිස්තාන හමුදාව ජම්මු හා කාශ්මීර පාලන සීමාවට කිලෝ මීටර 80ක් දුරින් චීනයේ හවුට්සර් කාලතුවක්කු වර්ගයේ අවි ස්ථානගත කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම පකිස්තාන ගුවන් සේවා සඳහා ඉන්දීය ගුවන් සීමාව වසා දැමීමටද ඉන්දීය බලධාරීහු පෙරේදා(30) තීරණය කළහ. මේ වනවිට දෙපාර්ශවය එකිනෙකාට විරුද්ධව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇත.

මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ඉෂාක් ඩාර් ප්‍රකාශ කර සිටියේ පාකිස්තානය කිසිම විටෙකත් ප්‍රථමයෙන් ඉන්දියාවට පහර නොදෙනු ඇති බවත් ඉන්දියාව පාකිස්තානයට පහර දුන්නොත් එයට දැඩි ප්‍රතිචාර ලබා දෙන බවත්ය.

 



අදහස් (2)

ගැටුම බේරා ගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශවයට කියයි

කව්ද බෝයි Thursday, 01 May 2025 05:12 PM

තාම අපේ රාජ්‍ය ත්‍රාන්තික ෆෙරාරි සීයාගෙන් ලිඛිත ඉල්ලීමක් දෙපාර්ශවයට ගියේ නෑනේ. ඒක ගියගමන් වැඩේ කම්මුතුයි...

:       6       9

so sadFriday, 02 May 2025 01:12 AM

කෙබර කුමාර නම් කියන්න ඇති

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site