(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි දෙකක් වටිනා ගජමුතු 04 ක් සමග ඒවා විකිණීමට පැමිණි පුද්ගලයන් සිව් දෙනකු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි. 

පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් තොරතුරු මත 1 මෙම ජාවාරම්කරුවන් සමග පණිවිඩ හුවමාරු කර ගනිමින් , මෙම ගජමුතු මිළදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් සේ රගපාමින් , අවසානයේ සීදුව ප්‍රදේශයට මොවුන් උපක්‍රමශීලීව කැදවා ගෙන මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් ඉමදූව , වැලිඔය , පලුගස්වැව සහ පන්නිපිටිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් සිව් දෙනෙකු වන අතර ඔවුන් අතරින් දෙදෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් බව පොලිසියේ ප්‍රකාශකවරයෙක් පැවසීය .