(අංජුල මහික වීරරත්න)
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලුනු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුරින් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙි.
දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අදාල සහන මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත.
අදාල සහන ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර මුලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
කලුතර, ගම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවෙිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තේ ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන දීමට මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි.
ඒ ඒ ප්‍රදේශ වලට සිදුවී ඇති හානි තක්සේරු කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්ක වලට වෙන් කරන මුදල් ප්‍රමාණය තීරණය කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘ගං වතුරින් බැට කෑ අයට සහන‘
Bamunuarachchi Wednesday, 01 June 2022 12:25 PM
නිදහස ගත්තු දා ඉඳන්ම සහන වලට පුරුදු කරලා 1963 සහල් පිනට දුන්නා. පිනට කාලා කාලා පුරුදුවෙලා ණයට අරගෙනත් කෑවා. එහෙම කන්න දෙන ආණ්ඩු ජනතාවට හොඳයි. දැන් බෙල්ලටම හිරවෙලා තවත් සහන... තව ටික දවසකින් රත්තරං චේන්, බ්‍රේස්ලට් දීලා දසදහස් ගණන්වලින් පඩි වැඩි කරාවි..
fairoosWednesday, 01 June 2022 05:01 PM
අපේ බමුණගේ මොලේ පැදිලා... ඒත් රටට කරපු මේ විනාශයට නම් සොබාදහමින් දඬුවම් ලැබෙනවා ශුවර්...
BamunuarachchiThursday, 02 June 2022 08:49 AM
එහෙනම් සොබාදහම අක්බර් කියමු.