
(අංජුල මහික වීරරත්න)
ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ලබා දෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
නිවස පිරිසිදු කර ගැනීම ආදී කටයුතු වෙනුවෙන් එම මුදල ලබා දෙන බවත්, ආපදා තත්ත්වයෙන් අර්ධ හා පූර්ණ හානි සිදු වූ සියලු නිවාස හා ගොඩනැගිලි පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් රත්නායක මහතා සඳහන් කළේය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුව දුක් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (07) එක් වෙමිනි.
ගං වතුරෙන් විනාශ වු ප්‍රදේශයේ නිවාස දැක බලා ගත් සාගල රත්නායක මහතා විපතට පත් ජනතාව වෙනුවෙන් කොළොන්නාව ශ්‍රී සම්බුද්ධරාජ පුරාණ විහාරයේ පැවති වෛද්‍ය සායනය වෙත ද ගොස් එම කටයුතු නිරික්ෂණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති සේවා වනිතා ඒකකයේ ප්‍රජා සේවයක්...!
දෙයියනේ එච්චර මුදලක්?? වැඩි නැද්ද?? දස දහසක් කියන්නේ සුළුපටු මුදලක්ද?