(ඩයනා උදයංගනී)
සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, මෙම වසරේ ජූලි මාසයේදී පමණක් රුපියල් මිලියන 425 ක වාර්තාගත අදායමක් ලබා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
මෙම ආයතනය පසුගිය ජූනි මාසය වනවිට රුපියල් මිලියන 155ක ආදායමක් ලබා සිටි අතර ජූලි මාසයේදී එය තුන් ගුණයකට ආසන්න අගයකින් ඉහළ නංවා ගෙන ඇතැයි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව පසුගිය රජය සමයේ ලබා ඇත්තේ මසකට රුපියල් ලක්ෂ 15 ක පමණ ආදායමක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල හේතුවෙන් මෙම ආදායම් ලැබීමට හැකිව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නවීකරණය කරන ලද සුපිරි වෙළඳ මධ්‍යස්ථාන ශාඛා 17 ක් රටපුරා මේ වනවිට ක්‍රියාත්මක අතර පසුගිය කාලයේ වැසීගිය ශාඛා තුනක් නැවත විවෘත කිරීමට ද සංස්ථාව පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න යන්න බොරු නොකියා...
මිනිස්සුන්ගෙන් හූරන් කාලා ලැජ්ජා නැතිව කියනවනේ තවත්... බඩුවල මිල දෙතුන් ගුණයකින් වැඩි කරලා..
නියම වැඩක් ,,, දිගටම කරගෙන යන්න, ජයවේවා
රජකාලේ දඬුවම් දිය යුතුයි.
තවත් ටිකක් දියුණු කරලා ගත්තොත් නානලාට තේරෙන්න?
දේශපාලුවන්.., ඒ අයගේ කොමිස් කීයක් යටිමඩි ගහගත්තාද?