(සුජිත් හේවාජුලිගේ )
සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ( කෝප් )කැඳවූ දිනට පෙර දින එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර තමා තනතුරෙන් ඉල්ලා අස්වූයේ කමිටුවට කැඳවූ නිසා දැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඒ හිටපු සභාපතිවරයාගෙන් විමසා ඇත.
ඊට පිළිතුරු දී ඇති හිටපු සභාපති වරයා පවසා ඇත්තේ තමා ඉල්ලා අස් වූයේ කෝප් කමිටුවට කැඳවූ නිසා නොවන බවයි.
ව්‍යාපාරිකයකු හෙයින් කාර්යබහුල නිසා එම තනතුරෙන් ඉල්ලා අස්වු බවද ඔහු සඳහන් කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (21)වෙනිදා රැස්විය.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කාර්ය සාධනය විමසීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණ.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සංස්ථාවේ ප්‍රධානීන් පසුගිය 19 වැනිදාද කැඳවනු ලැබ තිබුණද එහි සභාපතිවරයා එම රැස්වීමට සහභාගි වූයේ නැත. මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා කළ විමසුමකදී එම ප්‍රධානීන් පැවසුවේ කෝප් කමිටුවට කැඳ වූ දිනට පෙර දින සභාපතිවරයා ඉල්ලා අස් වූ බවයි.
එහිදී අදහස් දැක්වූ කෝප් කමිටු සභාපතිවරයා පැවසුවේ ඔහුගේ ඉවත් වීම තවමත් නිත්‍යානුකූල ආකාරයට සිදු වී නැති හෙයින් ඔහු කමිටුවට නැවත කැඳවීමට කටයුතු කරන බවයි.
සභාපතිවරයා කෝප් කමිටුව හමුවට පසුගිය 21 වෙනිදා නැවත කැදවුණේ ඒ අනුවය.
මහජන මුදල් යටතේ පවතින ආයතනයක ඕනෑම නිලධාරියකු ඕනෑම අවස්ථාවක කෝප් කමිටුවට කැඳවීමට හැකියාව ඇති බවද කෝප් කමිටු සභාපතිවරයා කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගො.ද්‍ර.ස සභාපති ’’කෝප්’’ එකට කැඳවූ දිනට පෙරදින අස්වෙලා
අප්පුහාමි Saturday, 23 April 2022 05:32 PM
මෙහෙම පාර්ලිමේන්තුවට නිගාකිරීම් හා හෑල්ලුවට ලක්කිරීම් වෙනුවෙන් කතානායක වරයා විසින් පොලිසියට කරන ලිඛිත පැමිණිල්ලක් මත උසාවියෙන් ඉහළම දඬුවමක් දීමට නීති සැකසීම කළයුත්තේ, මොවුන් නාස්ති කරන්නේ ජනතා මුදල් නිසායි..