
(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට මේ මස 18 වැනිදා තවත් සාකච්ඡාවක් යොදාගත් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (4) පස්වරුවේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඛනිජ තෙල් බෙදුම්කරුවන් අතර දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී අද (4) පෙරවරුවේ පැවැති සාකච්ඡාව පිළිබඳව කළ විමසුමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියා එසේ පැවසීය.
ඛනිජ තෙල් බෙදුම්කරුවන් එම සාකච්ඡාවේදී වට්ටම් සමුදල සම්බන්ධ නව සූත්‍රය පිළිනොගත් බව කී එම නිලධාරියා එය පිළිගත්තේ නම් තවත් සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සඳහන් කළේය.
සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් එම සංගමය ගත් තීරණය සම්බන්ධයෙන් එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක් සී.අයි.ඩී.යට ද කැඳවා ඇති බවත් එවැනි තත්වයක් තුළ ප්‍රාකාශකයන් කිරීම සම්බන්ධයෙන් දැඩි බියක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි බියක් ලු, උසස් ලු, නිලධාරියෙක්ලු, ප්‍රකාශයක් දෙන්න බෑලු, ඒත් ප්‍රකාශයක් දුන්නලු
කාලයක් තිස්සේ කිසිම රජයකට කිසිම නිවැරැදි තීරණයක් ගන්නට නොදී රටම අකර්මණ්‍ය කරණ කණ්ඩායම් කිහිපයක් ඇත. මේ එයින් එක කණ්ඩායමකි. ඉස්සර නම් මේ කණ්ඩායම් පිටුපස මාලිමාව සිටින්නට ඇත. මොකද මාලිමාවේ එක් කාර්යක් වූවේ ඕනෑම රජයක් අපහසුතාවයට පත් කිරීමයි. දැන් ඔවුන් බලයේය. රටට අපහසුවක් නොවන සේ සියල්ල විසඳේවා යි පතමු.
කෝර්ට් ඕඩර් එකක් ඕක...!
බොරු කීම ප්‍රගුණ කර ඇති. ජයතිස්ස ඇතුළු මාලිමා නඩේ කියන දේ පිළිගන්නවාද? බවුසර් නඩේ කියන දේ පිළිගන්නවාදැයි හුදී ජනයින් වන අපට ප්‍රහේලිකාවකි.
රම්බොඩ, මේ තෙල් බෙදුම් කරුවෝ කියන්නේ සජබේ, UNP පොහොට්ටු හිටපු සහ දැන් ඉන්න මන්ත්‍රීලාගේ පවුල් වල කට්ටිය..
ඔය බිය දිගටම තියාගන්න. මේක වැදගත් සේවාවක්... රටේ පොදු ප්‍රවාහනය අඩපණ කරන්න හදනවා නම්, දැඩි තීන්දු ගත යුතුයි.
මේ වගේ කාලකණ්ණි හැම කාලෙකම හිටියා. දැඩි තීරණ ගන්න. GMOA එකත් මේ වගේ සංවිධානයක් තමයි. රුපියලක් අඩුවුණොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජන. මේ අයට ගහලා එළවන්න ඕනෑ.