IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඛනිජ තෙල් සමාගමෙන් ’’ඕටී’’ වාර්තාවක්

(සුජිත් හේවාජුලිගේ )

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 19 දෙනකුට  පසුගිය 2021  වර්ෂයේදී  ඔවුන්ගේ  මූලික වැටුප මෙන් සියයට 300කට වැඩි  අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ  අතිකාල   වැඩ සඳහා සැබෑ අවශ්‍යතා නොමැති අවස්ථාවවලදී පවා  සේවකයන් විශාල පිරිසකට මෙලෙස  රුපියල් කෝටි ගණනක අතිකාල ගෙවීම ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද සේවකයන් 210 දෙනකු සිය මූලික වැටුප මෙන්  සියයට දෙසීයකට වැඩි  අතිකාල දීමනාද සේවකයන් 988 දෙනකු තම මූලික වැටුපෙන් සියයට සීයකට වඩා අතිකාල දීමනාද සේවකයන්1335 දෙනකු (සමාගමේ 2638ක්වූ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි පිරිසක්) සියයට 75 කට වැඩි අතිකාල දීමනාද 2021 වර්ෂයේදී  ලබාගෙන  ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ අතර ණය ආපසු අය කර ගැනීමේ හැකියාව සමාලෝචනය නොකර තව තවත් ණය ගැනීමට සේවකයන් දිරිමත් කර තිබූ බව  පෙන්වා දෙන   විගණන වාර්තාව සේවකයන්ට ලබා දී ඇති කාර්යමණ්ඩල ණය අය කර ගැනීමේ පදනමක් ලෙස ඔවුනට අතිකාල වැඩ සඳහා මෙසේ වැඩි අවස්ථා දී තිබූ බවද සඳහන්  කරයි.

මේ අතර ඉන්ධන බෙදා හැරීමේ අවශ්‍යතාවලින් සියයට අසූවක්ම පෞද්ගලික බවුසර් යොදාගෙන සම්පූර්ණ කර තිබූ හෙයින් සමාගමට අයත් බවුසර වලින් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් එනම් සමස්ත බවුසර් ධාරිතාවෙන් සියයට පනහක්ම අක්‍රියව පැවතුණු  බවවිගණන නිලධාරීහු පෙන්වා දෙති.

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අරමුදල් ආර්ථිකමය වශයෙන් හා කාර්යක්ෂමව යෙදවීමට නම් සමාගමට හිමි බවුසර් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව විගණන නිලධාරීහු නිර්දේශ කර ඇත

මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ 2021 වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (6)

ඛනිජ තෙල් සමාගමෙන් ’’ඕටී’’ වාර්තාවක්

Sanka Friday, 15 December 2023 02:02 PM

මොවුන්ව හදන්න බෑ, යුනියන් කාරයොත් අතට ගාන හම්බවෙනවා නම් ආයතනෙටයි අනිත් මිනිස්සුන්ටයි හෙණ ගැහුවත් කමක් නෑ කියලා ඉන්නේ..., ඉන්න මුලු ගාණෙන් භාගයක්වත් ඕනෑ වෙන්නේ නෑ. ඔතැන වැඩ කරන්න අනිත් අය කාලේ කනවා... හැබැයි අඩු කරන්න ගියොත් කෑ ගහනවා... ඔක්කෝම දේශපාලන පත්වීම්...!

:       0       50

Roshan Friday, 15 December 2023 03:20 PM

කාලකණ්නි රටක් බං මේක...!

:       0       26

ACA Friday, 15 December 2023 03:45 PM

දේශපාලකයින්ට හොරා කිය කියා මොවුන් කරන්නේත් හොරකම. රාජ්‍ය සේවයේ උඩ ඉඳලා පහළටම ඒක පුරුදු වෙලා. ලේසියට දේශපාලකයින්ට විතරක් ඇඟිල්ල දික් කරාට මොවුන් ඊට වඩා හොරු. අරුන් එළිපිට හොරකම් කරන කොට මුන් හැංගිලා කරන්නේ...!

:       0       28

රංබොඩ Friday, 15 December 2023 06:42 PM

හොඳට හොයලා බැලුවා නම් ඔය අතිකාල දාලා තියෙන වෙලාවේ ඔවුන් ඉඳලා තියෙන්නේ ගෙවල්වල විය හැකියි. විදුලිබල මණ්ඩලය ඇතුළේත් ඔහොමයි...!

:       0       8

ලසන්ත Saturday, 16 December 2023 08:29 AM

සතියකට එක් දවසක් පමණක් නිවාඩු ගෙන දවස් 6ම වැඩකලා යැයි සිතමු. දවසකට නියමිත පැය 8 වැඩකර අවම පැය 8ක් නිදා ගත්තත් ඕටී කිරීමට ඉතිරි පැය 8යි. ඒ අනුව ඕටී සඳහා ඉතිරි 8x25= පැය 200. මේගොල්ලෝ නින්දෙනුත් ඕටී කරලනේ!

:       0       0

manjula Saturday, 16 December 2023 02:04 PM

වහාම පුද්ගලීකරණය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site