
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තැපැල් සේවකයෙකු ඇතුළු තිදෙනකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ගෑම් 05 ක් ප්‍රවාහනයට යොදා ගත් තීරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශ( 01) ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ දුම්රිය පොල පාර ඉදිරිපිට දී සිදුකළ වැටලීමකදී සැකකරුවන් තිදෙනා ප්‍රවාහනය කරමින් තිබූ මෙම අයිස් මත්ද්‍රවය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තැපැල් සේවකයා කළුතර කලමුල්ල පිට්ටනිය පාර පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුවන අතර සෙසු සැකකරුවන් කළුතර නාගොඩ සහ කළුතර කලමුල්ල වඩුගොඩ පාර පදිංචි වයස අවුරුදු 30-34 පසුවන්නන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීවීල් එකේ අපි මෙයාට කියලා ස්ටිකරයක් ගහලා තියෙනවා ද බලන්න.