(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලවතුගොඩ සංචාරක රැකියා නියෝජිත ආයතනයකින්  රුපියල් කෝටි 08 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කෑ කල්ලියේ මහා මොලකරු විශේෂ පොලිස් කණ්ඩායමක්  අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ සමගම එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකුද සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවටට ගෙන ඇත.

ඔවුන් එම කොල්ලය සිදුවූ දින (01) දහවල් එම ස්ථානයට පැමිණි අයවලුන් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රුපියල් හය කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් සහ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 30 ක රන් භාණ්ඩ තොගයක් කොල්ලකා  පලා ගොස් තිබිණි.

පැමිණි කොල්ලකරුවන් සංචාරක නියෝජිත ආයතනයේ දේපළවලට දිගු මන්නා පීහි වලින් පහරදී දැඩි අලාභානි සිදු කර තිබිනි.

කොල්ලයට පැමිණි මෝටර් රථය අතුරුගිරිය ප්‍රදේශයේදී දින කීපයකට පෙරදී සැරිසරා ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.