(ටී.කේ.ජී.කපිල )

රුපියල් විසි පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන " රක්ත මාවත "  ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ සයිලන්සර් අලුත්වැඩියා කරන්නෙක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යතුරු පැදි සයිලන්සර් අළුත්වැඩියා කරන්නෙකි.

තායිලන්තයේ බැංකොක් නුවර සිටමෙම කුෂ් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

සැකකරු රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ තිබූ , සයිලන්සර් 16 ක් තුළ , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ග්‍රෑම් 500 ක් සඟවා තිබූ බව  .

මේ පිළිබද වැඩිදුර විමර්ශන සදහා මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .