
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි කංකානම්ගේ)
රුපියල් කෝටි 100 කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් හා හොරෝයින් තොගයක් කල්පිටිය ඉලප්පන්තිව් දුපත ආසන්නයෙදී අද අලුයම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුහුදු මාර්ගයෙන් කල්පිටියට රැගෙන එමින් තිබු හෙරෝයින් කිලෝ කිලෝ 15 කට ආසන්න ප්‍රමානයක් සමග අයිස් කිලෝ 64 කට ආසන්න ප්‍රමාණයක් මෙහි තිබී ඇතැයි නාවික හමුදාව කියයි.
අදාල මත්ද්‍රව්‍ය තොගය කුඩා ධීවර යාත්‍රාවක තිබි ඇති අතර වැටලිම සිදුකරන අවස්ථාවේදි සැකකරුවන් පලා ගිය බවත් පලා ගිය සැකකරුවන් පිළිබදව මේ වන විට අනාවර්ණය කර ගෙන තිබේන බව ද කියයි.
නාවික හමුදාව අත් අඩංගුවට ගත් මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබා දී ඇති අතර මෙම අයිස් හා හෙරෝයින් තොගය විශාල උර තුනක අසුරා තිබු බවත් අයිස් පැකට් 31 ක කිලෝ 63 ග්‍රෑම්ස් 718 ප්‍රමානයක්ද හෙරෝයින් පැකට් 7 ක කිලෝ 14 ග්‍රෑම්ස් 802 ක ප්‍රමානයක් තිබි හමුව ඇති බව කියයි.
මෑත ඉතිහාසයෙ කල්පිටිය මුහුදු ආසන්නයෙදී අත් නාවික හමුදාව අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවද කියයි.

2025 දෙසැම්බර් මස 04
196
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි 100 කුඩු කල්පිටියන් අල්ලයි
pakeer Saturday, 06 December 2025 10:41 AM
මේ කුඩු ටික රී එක්ස්පෝට් කරලා සල්ලි හොයාගන්න විදිහක් බලමු. ඒකෙන් පුළුවන් ගංවතුරෙන් විනාශ වුණු දේවල්වලට ලොකු උදව්වක් ගන්න.