IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කොළොන්න ප්‍රා.සභා අය වැය දෙවනවරටත් පරදි

(අජිත්ලාල් ශාන්ත උදය, ජයන්ත නානායක්කාර සහ ජී.ආර්. ගමගේ)

මාළිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද පරාජය ට පත්විය .

කොලොන්න ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී සභාපති කේ.එම්.සී.සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි .

කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික සංඛ්‍යාව 19කි. බලය ඇත්තේ සභිකයින් 09ක් හිමි මාළිමාවටය. විපක්ෂයට සභිකයින් 10කි. සජබ 05, පොහොට්ටුව 03, එජාප සහ දිලිත් ජයවීර මහතාගේ පක්ෂය ට එක බැගිනි. මෙවරත් පරාජයට පත්වූයේ වැඩි ජන්ද එක්කිනි.

රැස්වීම ආරම්භයේ විපක්ෂ සභිකයින් ආසන පැනවීමට විරෝධය දක්වමින් හිටගෙන සිටියහ. ඔවුන් මීට පෙර පැවති සභාවල ආසන වෙන්කළ ආකාරයට ආසන වෙන්කර දෙන්නැයි ඉල්ලා සිටියහ .

පසුව සබරගමු පළාත් පළාත් පාලන කොමසාරිස් කීර්ති බන්ඩාර මහතාගෙන් උපදෙස් ගත්තේය. ඔහු පෙන්වා දුන්නේ අකාරාදි පිළිවෙලට ආසන පනවා ඇති බවයි. ගැටලුවක් ඇතිනොකර කටයුතු කරන්නැයි උපදෙස් දුන්නේ ය. ඒ අනුව ආසන පනවා තිබූ ආකාරයට ම අසුන්ගෙන රැස්වීම ට එක්විය.

 



අදහස් (0)

කොළොන්න ප්‍රා.සභා අය වැය දෙවනවරටත් පරදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 495 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 470 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site