
(මනෝප්‍රිය ගුණසේකර)
කොටි සංවිධානයට අයත් කඳවුරක් පලෙයි රක්ෂිතයේ ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කරන ලදයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට සිටි සැකකරු ලබන 16 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) නියම කළේය.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළ යුතු බව කියමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙදස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා බව කියන සංගීත් ජයසේකර නමැත්තෙකි.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී වන්දනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන් සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස තමන් හදුන්වා ගනිමින් සැකකරු මාධ්‍ය හමුවක් පවත්වා කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් පුහුණු කදවුරක් සහ බෝම්බ නිෂ්පාදනගාරයක් ඇති බවට කරුණු ඉදිරිපත් කර ඇති බවට අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශ පොලිස්පතිවරයා විසින් ඊට පසු දිනයේදීම ප්‍රතික්ෂේප් කර ඇතැයිද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කිලිනොච්චි ප්‍රදේශයට විමර්ශන කණ්ඩායමක් සහ පොලිස් නිල සුනඛයන් යවා පරීක්ෂා කළද එහි බොම්බ කම්හලක් ඇති බවට කිසිම සාක්කියක් හමු නොවූ බව දැනුම් දුන් නිලධාරීහු එම ප්‍රදේශයේ දෙමළ ජනතාව පලෙයි රක්ෂිතයට ගොස් වගා කටයුතු සහ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධයෙන් පලෙයි පොලිසිය මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරා ඇතැයි දැනුම් දුන්හ.
කොළඹ ප්‍රදේශය හෝටලයකදී සැකකරු පසුගිය අගෝස්තු 14 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කිලිනොච්චියේ පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇතැයි දැනුම් දුන් නිලධාරීහු එවැනි ප්‍රකාශ කිරීම සාමයට බාධාවක් මෙන්ම මහජන කැලඹීමක් ඇති වීමට හැකියාවක් ඇතැයි ද නිලධාරීන් දැනුම් දුන්හ.
සිද්ධියට අදාලව සැකකරුවත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීම් වලදී කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකු ගේ උගැන්උම් මත මෙම පදනම් විරහිත ප්‍රකාශය කළ බවට සැකකරු හෙළි කර ඇති හෙයින් අදාල අඩවි වන නිලධාරියා ගෙන් සහ ඔහුගේ බිරිදගෙන් ප්‍රකාශ ලබා ගත් අවස්ථාවේදී තමන් එවැනි දෙයක් නොකිවූ බව ඔවුන් පවසා ඇතැයි දැනුම් දුන් නිලධාරීහු අඩවි වන නිලධාරියා සම්බන්ධ කර සැකකරු පවසා ඇත්තේ සම්පූර්ණ අසත්‍ය කරුණක් බවද අධිකරණයට දැනුම් දුන්නේය.
පලෙයි රක්ෂිතය තුළ නීති විරෝධී ආකාරයෙන් ගොවි පොලක් සහ ඇගළුම් කම්හලක් ඉදිකරමින් සිටි ද්‍රවිඩ ව්‍යාපාරිකයකුට එරෙහිව පොලිසිය නඩු පවරා ඇතැයි දැනුම් දුන් නිලධාරිහු සැකකරු ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් භාවිතා කර ඇති බවටද තොරතුරු අනාවරණය වන බව දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීන් සැකකරුගේ දුරකථන වර්තා සම්බන්ධයෙන් මෙන්ම සැකකරු ජාතික හැදුනුම්පත් 3ක් තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට ඇති හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් භාරයට පත්කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය ලබන 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd