
(අංජුල මහික වීරරත්න)
යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025/26 මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීම පිණිස 2025-08-18 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, එකී වැඩසටහන 2026 යල කන්නයේදීද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, කුඹුරු ඉඩම්ව ල සිදු කරන වී වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/- බැගින් වන පරිදි එක් ගොවියෙක් වෙත උපරිම වශයෙන් හෙක්ටයාර් 02 ක් සඳහා මූල්‍ය සහනාධාර ගෙවීමටත්, වී වගාව සිදු නොකරන කුඹුරු ඉඩම්වල කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කරනු ලබන හා කන්න රැස් වීම් වලදී තීරණය කරනු ලබන අයුරින් වගා කරනු ලබන වෙනත් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/- ක් බැගින් වන සේ එක් ගොවියෙක් වෙත උපරිම වශයෙන් හෙක්ටයාර 02 ක් සඳහා මූල්‍ය සහනාධාරයක් ගෙවීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි ගේමක් ගහන්නේ වී මෝල් කාරයෝ. අසරණ ගොවීන් තමයි හැමදාම දුක් විදින්නේ...
ගොවීන්ට තමයි සහනාධාර දෙන්න ඕනේ. ගොවීන් නැතිනම් අපි කොහොමද බත් කන්නේ...?
ගොවියා රජකමටත් සුදුසුයි...
හරි නම් පොහොර නොමිලේ ලබා දෙන්න. කෝ ගොවි විශ්‍රාම වැටුප්... ?
ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න.
ඇයි වී මෝල් හිමියන් විතරක් ලාභ ලබන්නේ....? ගොවියාට මෙහෙමද සලකන්නේ..
වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙ අගය කරමි...
ජාජබයට ජයවේවා...
අමාත්‍ය මණ්ඩලය අනුමත කරපු එකම මදෑ
ගොවියාට මුල් තැනක් දෙන්න. වී මෝල් හිමියන්ට අතරමැදියන්ට නෙවෙයි