(ඩී.ජී.සුගතපාල)

අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1800ක් සහ එම්.එම්.9 වර්ගයේ  උණ්ඩ 09ක් සමග ගාල්ල සාගර විශ්ව විද්‍යාලයේ සිසුවකු බටපොල පිහිටි ඔහුගේ නිවසේදි අද සවස ගාල්ල කොට්ඨාශ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

බටපොල නින්දාන පදිංචි 25 හැවිරිදි සැකකරු මේ වනවිට ගාල්ල සාගර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවකු බවටත් මිටියාගොඩ පොලිස් වසමේදි 2025.05.03 වනදින සිදු කරණ ලද මනුෂ්‍ය ඝාතනයේ සැකකරු මොහුගේ පාසල් මිතුරකු වන අතර එම හැඳුනුම්කම මත මෙම ජිව උණ්ඩ ලබාදි ඇති බවටත් අනාවරණයවි තිබේ.

සැකකරු සන්තකයේ තිබි යතුරු පැදියක්ද අත් අඩංගුවට ගෙන ඇති අතර එය ලියාපදිංචි කර ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට වන අතර ආදායම් බලපත්‍රය නිකුත් කර ඇත්තේ අහංගම ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට බවත් අනාවරණයවි ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා බටපොල පොලිසියට බාරදි ඇති අතර සැකකරු හෙට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.